සූර්යබල ගුවන් යානය හවායි දිවයිනට ගොඩ බස්සයි

Saturday, 04 July 2015 - 10:25

%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%B6%E0%B6%BD+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%84%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92
ස්විට්සර්ලන්ත නියමු ආන්ද්‍ර බෝෂ්බර්ක් විසින් පදවන ලබන මුළුමනින්ම සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ගුවන් යානය පැසිෆික් සයුර තරණය කර හවායි දිවයින් වෙත ඊයේ ළඟා වුණා. අත් තටු දිග මීටර් 72ක් වන සූර්ය කෝෂ 17,000කින් බල ගැන්වූ සෝලා ඉම්පල්ස් 2 ගුවන් යානය ජපානයේ සිට පැසිෆික් සයුර හරහා කිලෝමීටර් 7200ක් දුර ගෙවා හවායි වෙත පැමිණීමට ගත වූ කාලය පැය 118ක්. එය මිනිසෙකු විසින් පදවන ලද සූර්ය බල ගුවන් යානයක් සඳහා නව ලෝක වාර්තාවක් ද වනවා. සූර්ය බල ගුවන් යානය කිලෝමීටර් 35,000ක් වන ලෝක චාරිකාව පසුගිය මාර්තු 9 වන දා ආරම්භ කළේ අබුඩාබි නුවරින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories