Update: මහින්ද කුරුණෑගලින් මහමැතිවරණයට

Saturday, 04 July 2015 - 12:27

Update%3A+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා හිමිවීමත් සමග මේ වනවිට ඒ පිළිබඳ පවතින්නේ විවිධ මතවාදයන්. කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරයා කුමන දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කරන්නේ ද යන්න පිළිබඳව මේ වනවිට බොහෝ දෙනෙකු අවධානයෙන් පසුවනවා.

ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග වැදීමට නියමිත බව හිටපු අමාත්‍ය ටී.බී ඒකනායක අද (04)ප්‍රකාශ කළා. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නාමයෝජනා ලබාදීම ඉදිරියේදී සිදුකරන බවයි ඔහු කියා සිටියේ.

ටී.බී ඒකනායක මේ බව සඳහන් කළේ අද (04) පෙරවරුවේ මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැකීමෙන්  අනතුරුව මාධ්‍යට  කරුණු  දක්වමින් .



මේ අතර, විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති සන්ධානයේ පක්ෂ නායක රැස්වීමකින් අනතුරුව නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපාගෙන් ද මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයා තරග කරන දිස්ත්‍රික්කය පිළිබඳව කරුණු විමසුවා. ඔහු කියා සිටියේ එය හිටපු ජනාධිපතිවරයා තීරණය කරනු ඇති බවයි. සියලූ දෙනා සාකච්ඡාකර පක්ෂය වෙනුවෙන් නිසි තීරණය ගත් බවද ඔහු අවධාරණය කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිවරණයට තරග කරන දිස්ත්‍රික්කය පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ තමාට දැනුම්දෙනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත ද සඳහන් කළා.

Update : Saturday, 04 July 2015 - 18:32
---------------------------------------------
 
හිටපු ජනපති මහින්ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණ සටනට


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරි මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට නියමිත බව හිටපු අමාත්‍ය ටී.බී ඒකනායක පවසනවා. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා ලබාදීම ඉදිරියේදී සිදුකරන බවයි හිටපු අමාත්‍යවරයා කියා සිටියේ.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories