වෙනත් අපේක්ෂකයන්ට වැඩ කිරීම තහනම්

Saturday, 04 July 2015 - 20:42

%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
මහමැතිවරණයට තරග කිරීමේ අපේක්ෂාවෙන් තොරව වෙනත් දේශපාලන පක්ෂවලට හෝ අපේක්ෂකයන්ට සහාය දීමේ අරමුණින් නාමයෝජනා භාර දෙන පුද්ගලයන්ගේ අපේක්ෂා ඉටු නොවන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා. ඇතමුන් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් හරහා එලෙස නාමයෝජනා ලබාදෙන අතර වෙනත් අපේක්ෂකයෙකුට සහාය දීම සඳහා එය යොදා ගැනීමට කිසිවෙකුටත් ඉඩ ලබානොදෙන බව ඔහු නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරනවා.

එසේම, මෙවර මහමැතිවරණයට තරග කරන යම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් පවත්වාගෙන යනු ලබන ප්‍රචාරක කාර්යාල වෙනත් පක්ෂ හෝ අපේක්ෂකයන් වෙනුවෙන් භාවිත කිරීමට ඉඩ ලැබෙන්නේ නැහැ. එසේම, ඔවුන්ට ඡන්දපොල නියෝජිතයන් ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ද නොලැබෙන බවයි මැතිවරණ කොමසාරිස්වරයා පවසන්නේ.

එසේම, යම් පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් තරග කරන අපේක්ෂකයෙකුට වෙනත් පක්ෂයක් ප්‍රවර්ධනය කිරීමට ඉඩ නොලැබෙන බව ද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories