මෙරට මානව හිමිකම් ගැන ජගත් කොමිසමට ලිපියක්

Sunday, 05 July 2015 - 8:20

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කටයුතු සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමිසම දැඩි අවධානයක් යොමුකළ යුතු බව මානව හිමිකම් සංවිධාන කිහිපයක් ලිපියක් මගින් එම කොමිසම වෙත දැනුම්දී තිබෙනවා. ආසියානු මානව හිමිකම් සුරැකීමේ කේන්ද්‍රය, කයිරෝ මානව හිමිකම් අධ්‍යයන ආයතනය, පොදුරාජ්‍ය මණ්ඩලීය මානව හිමිකම් ආයතනය, මානව හිමිකම් නීති මධ්‍යස්ථානය ඇතුළු මානව හිමිකම් සංවිධාන කිහිපයකුයි මෙම ලිපිය යොමුකර ඇත්තේ. පසුගිය ජනවාරි 8 වනදායින් පසු පත් වූ රජය මානව හිමිකම් සම්බන්ධයෙන් යහපත් ප්‍රගතියක් ලබාඇති බවත් එම ලිපියේ සඳහන්.

කෙසේ වුවත්, ශ්‍රී  ලංකාව තුළ තවදුරටත් මානව හිමිකම් කටයුතු සම්බන්ධයෙන් වර්ධනයක් සිදුවිය යුතු බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. ඒ සඳහා ජගත් මානව හිමිකම් කොමිසම දැඩි අවධානයක් යොමුකල යුතු බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.

 එමෙන්ම, යුද සමයේ ඇති වූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිදුකරන දේශීය පරීක්ෂණ සඳහා ජගත් මානව හිමිකම් කොමිසම තාක්ෂණික සහාය ලබාදිය යුතු බව ද එම ලිපියේ පෙන්වා දෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories