Update : තවත් පක්ෂ දෙකක ලකුණු වෙනස්වෙයි

Sunday, 05 July 2015 - 9:03

Update+%3A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තවත් දේශපාලන පක්ෂ දෙකක සළකුණු වෙනස් කර තිබෙනවා. මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ එම්. මනිවන්නන් ලේකම් ධුරය දරන අකිල ඉලංගෙයි ද්‍රවිඩ මහ සභා පක්ෂයෙහි ලාංඡනය නැව ලෙස වෙනස් කර ඇති බවයි. මීට පෙර පක්ෂයේ සළකුණ වූයේ දොඩම් ගෙඩියයි.

එමෙන්ම එක්සත් මහජන පක්ෂයේ සළකුණ ජංගම දුරකථනය ලෙස වෙනස් කර තිබෙනවා. මීට පෙර එහි ලාංඡනය වූයේ මාළුවායි. මෙම පක්ෂයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ ඞී.එම්.ඞී.ජේ. ගුණවර්ධනයි.

 මීට පෙර  පක්ෂ දෙකක නම් සහ සළකුණු වෙනස් කර ඇති බවයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ.

ජාතික හෙළ උරුමය - එක්සත් යහපාලන ජාතික පෙරමුණ ලෙස වෙනස් කර ඇති අතර, එහි නව ලාංඡනය වන්නේ දියමන්තියයි. අමාත්‍ය පාඨලී චම්පික රණවක ලේකම් ධුරය දරණ මෙම පක්ෂයේ මීට පෙර පැවති සළකුණ හක් ගෙඩියයි.

 ජාතික පෙරමුණ අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ ලෙස වෙනස් කර ඇති අතර ක්‍රිකට් පිත්ත ලෙස පැවති එහි සළකුණ මල් පොහොට්ටුව ලෙස වෙනස්වී තිබෙනවා. පක්ෂයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ ආචාර්ය උපාලි කරුණාතිලකයි.

හක්ගෙඩිය දියමන්තියක් වෙයි - ක්‍රිකට් පිත්ත මල් පොහොට්ටුව වෙයි


දේශපාලන පක්ෂවල නම් සහ සලකුණු සංශෝධනය කිරීමට ලබාදුන් කාලය සිකුරාදා අවසන් වූ අතර, එම කාලය තුළදී දේශපාලන පක්ෂ කිහිපයක සලකුණු සහ නාමයන් සංශෝධනය කර ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. ඒ අනුව ජාතික හෙළ උරුමයේ නාමය, එක්සත් යහපාලන ජාතික පෙරමුණ ලෙස සංශෝධනය කර ඇති අතර, එහි නව ලාංඡනය වන්නේ දියමන්තියයි.

ඊට අමතරව ශ්‍රී  ලංකා ජාතික පෙරමුණේ ලාංඡනය වූ ක්‍රිකට් පිත්ත, මල් පොහොට්ටුව ලෙස සංශෝධනය කළ බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories