Update : ජාතික හෙළ උරුමය සන්ධානයෙන් ඉවත් වෙයි

Sunday, 05 July 2015 - 12:58

Update+%3A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජාතික හෙළ උරුමය, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක  කොළඹ අද (05) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඉදිරියේදී වෙනම දේශපාලන බලවේගයක් ලෙස ක්‍රියාත්මක වන බවයි.

මේ අතර, මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ ජාතික හෙළ උරුමය සිය පක්ෂයේ නම සහ ලාංඡනයද මේ වනවිට වෙනස් කර ඇති බවයි. ඔවුන් එක්සත් යහපාලන ජාතික පෙරමුණ ලෙස සිය පක්ෂයේ නම වෙනස් කර ඇති අතර, මෙතෙක් එම පක්ෂයේ ලකුණ ලෙස පැවති හක් ගෙඩිය වෙනුවට දැන් එහි සළකුණ ලෙස යොදා ගෙන ඇත්තේ දියමන්තියයි. කෙසේ වෙතත්, අද පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මේ පිළිබඳව ද විමසීමක් කළා. එහිදී අදහස් දැක්වූ පක්ෂයේ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක සදහන් කළේ පක්ෂයේ නම සහ ලාංඡනය ගැන තවමත් ස්ථීර තීරණයකට එළඹ නොමැති බවයි.

මේ අතර, මහජන එක්සත් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බුලත් කොළය යටතේ එළඹෙන මහමැතිවරණයට තරඟ කිරීමට තීරණය කර තිබෙනවා. එහි ප්‍රධාන ලේකම් නීතිඥ තිස්ස යාපා ජයවර්ධන නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ රැස්වූ බවයි. එහිදී ඒකමතිකව මෙම තීරණයට එළඹි බව එම පෙරමුණේ ලේකම් තිස්ස යාපා ජයවර්ධන නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.



Update: Sunday, 05 July 2015 - 19:20
----------------------------------------------
ජාතික හෙළ උරුමය, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ඉදිරියේදී වෙනම දේශපාලන බලවේගයක් ලෙස ක්‍රියාත්මක වන බවයි.

 ජාතික හෙළ උරුමය සිය පක්ෂයේ නම සහ ලාංඡනයද මේ වනවිට වෙනස් කර තිබෙනවා. ඔවුන් එක්සත් යහපාලන ජාතික පෙරමුණ ලෙස සිය පක්ෂයේ නම වෙනස් කර ඇති අතර, මෙතෙක් එම පක්ෂයේ පැවති හක් ගෙඩිය ලකුණ වෙනුවට දැන් එහි සළකුණ දියමන්තියයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories