හතරක් ගිය ත්‍රිවිලයට වෙඩි තබා එක්කනෙක් මරයි

Monday, 06 July 2015 - 7:45

%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
අගුණකොලපැලැස්ස - මුරවැසිහේන - මහ ඇල ප්‍රදේශයේදී ඊයේ (05) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මියගිය පුද්ගලයා තවත් පුද්ගලයන් 4 දෙනෙකු සමඟ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථය පැදවූ තැනැත්තායි. කෙසේවෙතත් වෙඩි තැබීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ අනෙක්  පුද්ගලයන්ට හානියක් සිදුවී නැහැ.

මේ අතර ගාල්ල - අහුන්ගල්ල - වැලිගොඩපාර ප්‍රදේශයේදීද ඊයේ රාත්‍රියේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.  කෙසේ වෙතත් මෙම වෙඩි තැබීම්වලට සම්බන්ධ පුද්ගලයන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories