රිය අනතුරකින් එකම පවුලේ සිව්දෙනෙකුට තුවාල

Monday, 06 July 2015 - 14:49

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
අනුරාධපුරය - පැරණි කුරුණෑගල මාර්ගයේ වෙස්සගිරිය අසලදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපී සිදුවූ අනතුරකින් එකම පවුලේ සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. අද (06) උදෑසන මෙලෙස තුවාල ලබා ඇත්තේ එකම පවුලේ මව, පියා සහ දියණියන් දෙදෙනායි. ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි මොවුන් ශ්‍රී මහ බෝධිය වැඳ පුදාගැනීමට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණදී තිබෙනවා. මෝටර් රථය පැදවූ පුද්ගලයාට නින්ද යාම මෙම අනතුරට හේතුවී ඇති බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories