Update: උදයංග වීරතුංගගේ කන්ටේනරය පරීක්ෂා කරන්න අධිකරණ නියෝග

Monday, 06 July 2015 - 15:00

Update%3A+%E0%B6%8B%E0%B6%AF%E0%B6%BA%E0%B6%82%E0%B6%9C+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B6%B1%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග කොළඹ වරායට ගෙන්වා ඇති කන්ටේනරය පරීක්ෂා කිරීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණ නියෝගයක් ලබාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ හිටපු තානාපතිවරයා සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ විමර්ශනවලට අදාළව එම නියෝගය ලබාගෙන ඇති බවයි.

මේ අතර, රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට අයත් භාණ්ඩ ඇතුළත් කොළඹ වරායට රැගෙන ආ කන්ටේනරය මුදා නොහැරීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය කරුණු දැක්වීමක් සිදුකළා. එහි ප්‍රකාශිකාවක සදහන් කළේ අදාළ භාණ්ඩ රැගෙන යාම සඳහා උදයංග වීරතුංග නොපැමිණි අතර, ඒ සඳහා වන බලය අන් කිසිවෙකුට හෝ පවරා ද නොමැති බවයි. හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග තම ගමන් බලපත්‍ර සහ වීසා  බලපත්‍ර ඇතුළු නිළ ලේඛන මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් කියා සිටියා.

තමන් සහ තම පවුලේ උදවිය භාවිත කළ උපකරණ අඩංගු කන්ටේනරය කොළඹ වරායෙන් මෙතෙක් නිදහස් නොකිරීම සම්බන්ධයෙන් රුසියාවේ හිටපු තානාපතිවරයා මීට පෙර මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. එහි දැක්වෙන්නේ පරිහරණය කරන ලද භාණ්ඩ රජයේ වියදමින් ගෙන ඒමට සහ නැවත රැගෙන යාමට තානාපති නිලධාරීන්ට අයිතියක් ඇති බවයි. තමන් පිටරට දී පාවිච්චි කරන ලද ලීබඩු, පරණ ඇඳුම්, දරුවන්ගේ සෙල්ලම් බඩු, පොත්පත් සහ පරිගණක අඩංගු කන්ටේනරය පසුගිය අප්‍රේල් මස 10 වැනිදා කොළඹ වරායට පැමිණ ඇති බවයි රුසියාවේ හිටපු තානාපතිවරයා ප්‍රකාශ කළේ.

එය වරායෙන් නිදහස් කර ගැනීම සඳහා තම බිරිඳ විදේශ අමාත්‍යාංශයට අවස්ථා කිහිපයකදී පැමිණිය ද ඊට අවස්ථාවක් හිමි නොවූ බව ද ඔහු පෙන්වා දෙනවා. එම භාණ්ඩ කන්ටේනරය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ පරීක්ෂණයකට භාර දී ඇති බවට විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇතැයි හිටපු තානාපතිවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් සදහන්.



Update: Monday, 06 July 2015 - 19:06
--------------------------------------------
උදයංග වීරතුංගට අයත් කන්ටේනරය ගැන විදේශ අමාත්‍යාංශය කරුණු දක්වයි

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට අයත් භාණ්ඩ ඇතුළත් කොළඹ වරායට රැගෙන ආ කන්ටේනරය මුදා නොහැරීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය කරුණු දැක්වීමක් සිදුකළා. එහි ප්‍රකාශිකාවක සදහන් කළේ අදාළ භාණ්ඩ රැගෙන යාම සඳහා උදයංග වීරතුංග නොපැමිණි අතර, ඒ සඳහා වන බලය අන් කිසිවෙකුට හෝ පවරා ද නොමැති බවයි. හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග තම ගමන් බලපත්‍ර සහ වීසා  බලපත්‍ර ඇතුළු නිළ ලේඛන මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් කියා සිටියා. තමන් සහ තම පවුලේ උදවිය භාවිත කළ උපකරණ අඩංගු කන්ටේනරය කොළඹ වරායෙන් මෙතෙක් නිදහස් නොකිරීම සම්බන්ධයෙන් රුසියාවේ හිටපු තානාපතිවරයා මීට පෙර මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories