සන්ධානයේ හිටපු මන්ත්‍රී තේනුක හිරේ

Tuesday, 07 July 2015 - 12:32

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%AD%E0%B7%9A%E0%B6%B1%E0%B7%94%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%9A
එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට පහර දීමේ චෝදනාවක් මත මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූ නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රී තේනුක විදානගමගේ ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පසුගිය 29 වැනිදා රාත්‍රි මහියංගන නගරයේ පෝස්ටර් අලවමින් සිටි එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට තියුණු ආයුධයකින් පහර දී ඇති බවට මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකට චෝදනා එල්ල වුණා. මෙම පහරදීමෙන් කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු රෝහල් ගත කෙරුණු බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මෙම පහරදීමේ සිද්ධියට අදාළව සැකකරුවන් තුන්දෙනෙකු පසුගිය 1 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා රිමාන්ඩ් කෙරුණා. ඒ අනුවයි අද (07) යළිත් මෙම නඩුව කැදවූ අවස්ථාවේදී හිටපු මන්ත්‍රීවරයා අධිකරණයට භාර වී ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories