ඇමති බදියුදීන්ට එරෙහිව පැමිණිල්ලක්

Tuesday, 07 July 2015 - 12:37

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
මැතිවරණ සමයේ පුල්මුඬේ ඛනිජ වැලි නීතිගත සංස්ථාවට නීතිවිරෝධී ලෙස සේවකයින් බඳවාගෙන ඇති බව පවසමින් කර්මාන්ත සහ වාණිජ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව සිංහල රාවය සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාට අද (07) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

පුල්මුඬේ ඛනිජ වැලි නීතිගත සංස්ථාවට නීතිවිරෝධී ලෙස සේවකයන් 60කට ආසන්න සංඛ්‍යාවක් බදවා ගෙන ඇති බවයි එහි සේවකයන් පවසන්නේ. ඔවුන් කියා සිටියේ අදාළ පත්වීම් ලිපිවල ඇත්තේ ඛනිජ වැලි නීතිගත සංස්ථා සභාපතිවරයා වෙනුවට වෙනත් අධ්‍යක්ෂවරයෙකුගේ අත්සන බවයි. මේ හේතුවෙන් පුල්මුඬේ ඛනිජ වැලි නීතිගත සංස්ථාවේ පරිපාලන නිලධාරීවරිය වන අනුලා තිලකරත්න මෙම පත්වීම් ඊයේ ප්‍රතික්ෂේප කර තිබුණා. ඊට විරෝධය පළ කරමින් අදාළ පත්වීම්ලාභී සේවක පිරිස මෙම පරිපාලන නිලධාරීවරියගේ කාර්යාලය ද වට කර ඇයව පැය කිහිපයක් රදවාගෙන තිබෙනවා. පුල්මුඬේ පොලීසියේ නිලධාරීන් පැමිණ ඇයව එම කාර්යාලයෙන් පිටතට ගෙන ඇති අතර, පසුව මානසික ආතතිය හේතුවෙන් ඇය ත්‍රිකුණාමල රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවා. ඇය මේ වන විට ත්‍රිකුණාමල රෝහලේ 10 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා.

මෙම සිදුවීම සහ නීතිවිරෝධී පත්වීම් ලබාදීම මුල් කරගෙන පුල්මුඬේ ඛනිජ වැලි නීතිගත සංස්ථාවේ සේවකයින් අද විරෝධතාවක් ආරම්භ කළා.

මේ අතර, රාජගිරියේ පිහිටි ඛනිජ වැලි නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ සේවකයින් ද මේ වන විට මෙම සිද්ධියට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා.

පුල්මුඬේ ඛනිජ වැලි නීතිගත සංස්ථාව අයත් වන්නේ කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යාංශයටයි. මහමැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති බැවින් අදාළ කාලය තුළ පත්වීම් ලබාදීම ද නීතිවිරෝධී බව මැතිවරණ කොමසාරිස්වරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණා. එම නියෝගයන්ට පටහැනිව පත්වීම් ලබාදී ඇති බවට සේවකයන් එල්ල කරන චෝදනා පිළිබඳ අප කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ මීට මාස 3කට පෙර ලබාදුන් පත්වීම් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories