මහින්දට නාම යෝජනා දීම ගැන ජනපතිගේ ස්ථාවරය අපැහැදිලියි

Tuesday, 07 July 2015 - 12:56

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%92
මෙවර මහමැතිවරණයට තරඟ කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයට නාම යෝජනා ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ස්ථාවරය පැහැදිලි නොමැති බව ඉන්දියාවේ හින්දු පුවත්පත පවසනවා. මහමැතිවරණය පිළිබඳ විවරණයක් ගෙන එන හින්දු පුවත්පත වැඩිදුරටත් සදහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නාම යෝජනා ලබාදෙන බව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.

හිටපු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැති බවට පළ වූ වාර්තා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතික්ෂේප කිරීමෙන් ද මෙම අපැහැදිලි බව දිස්වන්නේ යැයි හින්දු පුවත්පත කියා සිටියා. කෙසේ නමුත්, නිහඬව සිටීමෙන් පමණක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නාම යෝජනා ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනුමත කරන්නේ යැයි කිව නොහැකි බවයි හින්දු පුවත්පත අවධාරණය කළේ.

මේ අතර, අවසන් මොහොතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නිදහස් සන්ධානයෙන් නාම යෝජනා නොලැබුණහොත් විකල්පයක් සකස් කර ඇති බව බස්නාහිර පළාත් මහඇමති ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළා. හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහනට අද උදෑසන අදහස් දක්වමිනුයි ඔහු මේ  බව අනාවරණ කළේ. එහෙත් නිදහස් පක්ෂ නාම යෝජනා සකස් කරන කමිටුවේ සාමාජික අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ පක්ෂයේ මන්ත්‍රීවරුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories