Update: අධිකරණයට භාරවූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲට ඇප

Tuesday, 07 July 2015 - 14:13

Update%3A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B7%96+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%B6%E0%B7%B2%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
සිය නිවසේ මෙහෙකාරියට පහර දුන් බවට චෝදනා එල්ල වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ රුපියල් ලක්ෂ 5 ක පුද්ගලික ඇපයක් මත මුදාහැරියා. ඒ, ගල්කිස්ස මහේ්ස්ත්‍රාත් මොහොමඞ් සහබ්දීන් හමුවට අද (07)  ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

චෝදනා එල්ලවූ  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ අද දහවල් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට භාරවුණා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲගෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළදීම රහස් පොලීසිය  ප්‍රකාශයක්ද සටහන් කරගෙන ඇති බව සඳහන්.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා තමන්ට පහර දුන් බවට නිවසේ මෙහෙකාරිය ගල්කිස්ස පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ පසුගිය 27 වන දායි. එහිදී පොලීසිය විනිසුරුවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට ඔහුගේ නිවසට ගියද විනිසුරුවරයා ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කළ බවයි පොලීසිය සඳහන් කළේ. පසුව මේ පිළිබඳව පොලීසිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා.

මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ තම නීතීඥයින් මාර්ගයෙන් ඊයේ දිනයේදී මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනු කළේ තමාට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිල්ල විභාග කරන ආකාරය නීතියට පටහැනි බව පවසමින්. එමඟින් තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංගණය වන බව ද ඔහු ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමින් පෙන්වා දුන්නා.

එමෙන්ම ඊයේ දිනයේදී විනිසුරුවරයාට විරෝධය පළ කරමින් ගෘහස්ථ කම්කරු සංගමය, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ඉදිරිපිට මාර්ගයේ විරෝධතාවක ද නිරත වුණා.  ඔවුන් විරෝධතාවයේ නියැලෙමින් සඳහන් කළේ ගෘහස්ත කම්කරුවන් හට නීතිමය රැකවරණය ලබාදිය යුතු බවයි.



Tuesday, 07 July 2015 - 18:43
.......................................................................................

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ අධිකරණයට භාර වෙයි

සිය නිවසේ මෙහෙකාරියට පහර දුන් බවට චෝදනා එල්ල වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ, අද අධිකරණයට භාර වී තිබෙනවා. ඒ, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයටයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා තමන්ට පහර දුන් බවට නිවසේ මෙහෙකාරිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ පසුගිය 27 වන දායි. ඒ සම්බන්ධයෙන් පසුව පොලීසිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories