Update: ළදරුවන් දෙදෙනෙක් ඇතුළු තුනක් මරුට - පොලිසියේ වැඩකුත් හෙළිවෙයි

Tuesday, 07 July 2015 - 15:59

Update%3A+%E0%B7%85%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7++-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A++%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ - වැලිගම - ගුරුබැබිල ප්‍රදේශයේදී අද (07) පස්වරු දෙකට පමණ ත්‍රිරෝද රථයක් මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරකින් එකම පවුලේ කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුලූ තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් සති තුනක බිළිඳෙකු සහ වයස අවුරුදු 4 ක පිරිමි දරුවෙක් සහ ඔහුගේ 49 හැවිරිදි පියා බවයි. මීට අමතරව සති තුනක් වයසැති බිළිඳාගේ මව සහ තවත් දෙදෙනෙකුද අනතුරෙන් තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි මාතර රෝහල් පොලීසිය ප්‍රකාශ කළේ.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ රාජකාරියේ නිරත කර්නල්වරයෙකු පදවාගෙන ආ මෝටර් රථයක් ත්‍රිරෝද රථයේ ගැටීමෙන්  අනතුර සිදුව ඇති බවයි. මෝටර් රථයේ අංක තහඩුව  අනතුරෙන් පසු ගැලවී තිබූ බැවින් පසුව එය යළි සකස් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එසේ පවසද්දී අනතුර වූ ස්ථානයේ සිටි පිරිස පැවසුවේ පොලිස් නිලධාරීන් අංක තහඩුව ඉවත් කර  මෝටර් රථය එම ස්ථානයේ ඉවත් කර ගැනීමට උත්සහ ගත් බවයි.

එම වීඩියෝව පහතින් නරඹන්න



 



























ඡායාරූප - රත්ගම රොෂාන් පියතිලක


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories