ආරුමුගම් තොණ්ඩමන් හැටන් නගරයේ සත්‍යග්‍රහයක

Wednesday, 08 July 2015 - 7:42

%E0%B6%86%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B6%9A
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලා ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ආරුමුගම් තොණ්ඩමන් ඇතුළු එම පක්ෂයේ සාමාජිකයින් පිරිසක් හැටන් නගර මධ්‍යයේ ඊයේ (07) සත්‍යග්‍රහයක් ආරම්භ කළා. කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස වතු හාම්පුතුන්ගේ සංගමය සමග අවස්ථා කිහිපයකදී පැවැති සාකච්ඡා අසාර්ථක වීමත් සමග තේ වතු කම්කරුවන් සෙමෙන් වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අතර අදට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට දින තුනක් ගත වනවා.

මෙම සෙමෙන් වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් වතු සමාගම් 23ක් අද සිට තේ කර්මාන්තශාලා තාවකාලිකව වසා දමා කාර්ය මණ්ඩල ඉවත් කර ගැනීමටයි තීරණය කර ඇත්තේ. මෙම තත්ත්වයට විරෝධය පළ කරමිනුයි ඊයේ රාත්‍රියේ හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් ඇතුළු ලංකා කම්කරු කොංග්‍රසයේ පිරිසක් මෙලෙස හැටන් නගරයේ සත්‍යග්‍රහයක් ආරම්භ කළේ.  

කෙසේ වෙතත් ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් කේ. වේලායුධන් කියා සිටියේ තේ වතු කම්කරුවන් ආරම්භ කර ඇති මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දේශපාලන වාසි තකා සිදුකරන්නක් බවයි.











ඡායාරූප - රංජිත් රාජපක්ෂ



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories