දුම්වැටි 3000ක් සමඟ සැකකරුවෙකු හලාවත දී අත්අඩංගුවට

Wednesday, 08 July 2015 - 9:08

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92+3000%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නීතිවිරෝධී ලෙස තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද දුම්වැටි 3000ක් සමග සැකකරුවෙකු හලාවත මුගුණුවටවන ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් නිවසක් තුළ සඟවා තිබෙන බවට පොලීසියට ලද තොරතුරකට අනුවයි පොලීසිය ඊයේ මෙම වැටලීම සිදුකළේ. ඔහු පොලීසියට පවසා ඇත්තේ තම නිවසේ පැවැත්වීමට නියමිත උත්සවයක් සඳහා මෙම දුම්වැටි තොගය ගෙනවිත් ගබඩා කර තිබූ බවයි. කෙසේ වෙතත් එම දුම්වැටි ඉන්දියාවේ නිෂ්පාදනය කර ඇති බැවින් ඒවා මෙරටට ගෙන ඒමේදී ගෙවිය යුතු තීරු බදු ගෙවා ඇති බවට ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට සැකකරු හැකි වී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories