දිගම්බරම් තොණ්ඩමන්ගෙන් දහසක් ඉල්ලයි

Wednesday, 08 July 2015 - 13:00

%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසකින් වැඩි කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් ආරම්භ කළ සත්‍යග්‍රහයට විරෝධය පළ කරමින් අමාත්‍ය පලනි දිගම්බරම් ඇතුළු පිරිසක් අද (08) සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කර දෙන බවට හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් ලබාදුන් පොරොන්දුව ඉටු කරන ලෙසයි අමාත්‍ය පලනි දිගම්බරම් සිය සත්‍යග්‍රහය ආරම්භ කරමින් කියා සිටියේ. මේ වන විටත් වතු කම්කරුවන් සෙමෙන් වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන්නේ වැටුප් ඉල්ලීම් මුල් කරගෙනයි. ඒ හේතුවෙන් වතුකරයේ තේ කර්මාන්ත ශාලා 60ක පමණ නිෂ්පාදන කටයුතුවලට බාධා එල්ල වී තිබෙන බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් ඇතුළු පිරිසක් ඊයේ රාත්‍රියේ සිට හැටන් නගර මධ්‍යයේදී සත්‍යග්‍රහයක් ආරම්භ කරමින් අවධාරණය කළේ වතු කම්කරුවන්ට ලබාදෙන අවම වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවිය යුතු බවයි. කර්මාන්ත ශාලා කිහිපයක් වසා දමා තත්ත්වය පාලනය කිරීමට ගත් උත්සාහයක් සම්බන්ධයෙන් ද ඔහු එහිදී විරෝධය පළ කළා.                          

ඔහු ආරම්භ කළ සත්‍යග්‍රහයට විරෝධය පළ කරමින් වතු යටිතල පහසුකම් අමාත්‍ය පලනි දිගම්බරම් ඇතුළු පිරිසක් අද සත්‍යග්‍රහය ආරම්භ කළේ තලවකැළේ නගරයේදීයි. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කරන බවට තොණ්ඩමන් අමාත්‍යවරයා ලබාදී ඇති පොරොන්දුව ඉටු කළ යුතු බව ඔහු එහිදී අවධාරණය කළා.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඌව පළාත් සභා මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් ද බදුල්ලේ දී සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. ඔහු ප්‍රකාශ කරන්නේ හාම්පුතුන් සහ වතුකරයේ අනෙකුත් නායකයන් එක්ව කම්කරුවන්ගේ ගැටළුවලට කඩිනම් විසදුම් ලබාදිය යුතු බවයි.

මේ අතර, වතු හාම්පුතුන්ගේ සංගමයේ නිලධාරීන් මේ වන විට කොළඹ දී සාකච්ඡාවක් ආරම්භ කර තිබෙනවා. ඒ, වතුකරයේ පවතින ගැටළුව පිළිබඳව විසදුමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories