Update: තැපැල් ඡන්දය 5 සහ 6 - අමතර දිනය අගෝස්තු 3

Wednesday, 08 July 2015 - 13:08

Update%3A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+5+%E0%B7%83%E0%B7%84+6+-++%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+3
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අගෝස්තු 5, 6 දිනවල සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය ප්‍රකාශ කළා. ගුරුවරුන් සඳහා තැපැල් ඡන්දෙට අගෝස්තු 3 වන දා අමතර දිනයක් ලෙස ලබා දී තිබෙනවා.  

මේ අතර මහ මැතිවරණයට අදාළව නාම යෝජනා භාර ගැනීමේ තුන්වන දිනය අදයි. ඊයේ (07) දිනය වන විට ස්වාධීන කණ්ඩායම් 61ක් ඇප මුදල් තැන්පත් කර තිබූ අතර පක්ෂ දෙකකින් සහ ස්වාධීන කණ්ඩායමකින් නාම යෝජනා භාර දී තිිබුණා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඞ් සඳහන් කළේ සෙනසුරාදා, ඉරිදා දිනවල නාමයෝජනා භාරගැනීම සිදු නොවන බවයි. ඒ අනුව 13 වන සඳුදා දහවල් 2 ට මහ මැතිවරණයේ නාමයෝජනා භාරගැනීම අවසන් වනු ඇති.

එසේම පාර්ලිමේන්තු මැතිවරණයේදී අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය බව සඳහන් කරමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අද (08)  නිවේදනයක් නිකුත් කළා. එහි සඳහන් වන්නේ ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පූජක හැඳුනුම්පත මෙන්ම පසුගිය ජනාධිපතිවරණය සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත්ද ඒ සඳහා වලංගු වන බවයි. එසේම අලූතින් තාවකාලික හැඳුනුම්පත් සඳහා අයදුම්පත් භාරගැනීම අගෝස්තු 10 වන දින අවසන් කරන බවද මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කරනවා.

එමෙන්ම තමන්ට නියමිත ඡන්ද පොලේදී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වේයැයි සාධාරණ බියක් පවතීනම් ඡන්ද හිමියන්ට වෙනත් ඡන්ද පොලකදී ඡන්දය භාවිත කළ හැකියි. ඒ සඳහා ඉල්ලූම් කළ යුතු කාලය ද මේ මස 10 වැනිදායින් අවසන් වනවා. අදාළ ඉල්ලූම්පත් ග්‍රාම නිලධාරීවරයාගේ සහතිකය සමග  මැතිවරණ මහ ලේකම් කාර්යාලයට හෝ ළඟම පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ඉදිරිපත් කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා ඉල්ලීමක් කළා.

මේ අතර පොලිස් මැතිවරණ කාර්යාංශය වෙත මේ වනවිට මැතිවරණ ප්‍රචන්ඩක්‍රියා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 13 ක්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ඊට අදාළව 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තමන් වෙත පැමිණිලි 16 ක් ලැබී ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළා.

Update : Wednesday, 08 July 2015 - 19:00
---------------------------------------------

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අගෝස්තු 5, 6

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අගෝස්තු 5, 6 දිනවල සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය ප්‍රකාශ කළා. ගුරුවරුන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අගෝස්තු 3 වන දා අමතර දිනයක් ලෙස ලබා දී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories