Update: පිහි පහර කෑ කතුන් තිදෙනාත් වෙඩි කෑ විදෙශිකයාත් කොළඹ රෝහලේ

Wednesday, 08 July 2015 - 18:03

Update%3A++%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%9A%E0%B7%91+%E0%B6%9A%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%91+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
කොළඹ - හැව්ලොක් ටවුන් හි පිහිටි අවන්හලකදී විදේශ ජාතිකයෙකු තරුණියන් තුන්දෙනෙකුට පිහියකින් පහරදී තුවාල සිදුකිරීමට හේතුවී ඇත්තේ මුදල් ආරවුලක් බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා. හැව්ලොක් ටවුන් හි පිහිටි අවන්හලකදී ඊයේ (08) පස්වරුවේ ලෙබනන් ජාතිකයෙකු තරුනියන් තුන්දෙනෙකුට පිහියකින් පහරදී බරපතල තුවාල සිදුකර තිබෙනවා. පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විදෙස් ජාතිකයා පාලනය කරගැනීම සඳහා ඔහුට වෙඩි තබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ වනවිට තුවාල ලැබූ තරුණියන් තුන්දෙනා සහ ලෙබනන් ජාතිකයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.  


 
Update : Thursday, 09 July 2015 - 08:16
-------------------------------------------------------

තරුණියන් දෙදෙනෙකුට පිහියෙන් කෙටූ සුද්දාට පොලීසියෙන් වෙඩි

කොළඹ - හැව්ලොක් ටවුන් හි පිහිටි අවන්හලකදී තරුණියන් දෙදෙනෙකුට පිහියකින් පහරදී තුවාල සිදුකළ විදේශිකයෙකු පාලනය කිරීමට පොලීසිය ඔහුට වෙඩි තබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ විදේශිකයා සහ පිහියෙන් සිදුකළ පහරදීම නිසා තුවාල ලැබූ තරුණියන් දෙදෙනා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

තරුණියන් දෙදෙනාගෙන්  අයෙකුගේ තත්ත්වය බරපතල බවද කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 41 හැවිරිදි ලෙබනන් ජාතිකයා මේ වනවිට ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

Update : Wednesday, 08 July 2015 - 19:00
---------------------------------------------

කොළඹ - හැව්ලොක් ටවුන් ප්‍රදේශයේ පිහිටි අවන්හලකදී තරුණියන් දෙදෙනෙකුට පිහියකින් පහරදී තුවාල සිදුකළ විදේශිකයෙකු පාලනය කිරීමට පොලීසිය ඔහුට වෙඩි තබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ විදේශිකයා සහ පිහියෙන් සිදුකළ පහරදීම නිසා තුවාල ලැබූ තරුණියන් දෙදෙනා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories