ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲගේ පිස්තෝලය අධිකරණයට

Thursday, 09 July 2015 - 8:21

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%B6%E0%B7%B2%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
සිය නිවසේ මෙහෙකාරියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲගෙන් ඊයේ (08) පැය 3 කට අධික කාලයක් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. එමෙන්ම සිය නිවසේ මෙහෙකාරියට පහරදීමේ සිද්ධියට අදාළව ඔහු සතුව තිබූ පිස්තෝලයද අධිකරණ භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා තමන්ට පහර දුන් බවට නිවසේ මෙහෙකාරිය ගල්කිස්ස පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ පසුගිය 27 වන දායි. එහිදී පොලීසිය විනිසුරුවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට ඔහුගේ නිවසට ගියද විනිසුරුවරයා ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කළ බවයි පොලීසිය සඳහන් කළේ. කෙසේ වෙතත් පෙරේදා දිනයේදී ඔහු සිය නීතීඥවරුන් මාර්ගයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට  භාරවුණා. එහිදී රුපියල් ලක්ෂ 5 ක පුද්ගලික ඇපයක් මත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ මුදාහැරීමටයි ගල්කිස්ස ප්‍රධාන මහේ්ස්ත්‍රාත් මොහොමඞ් සහබ්දීන්  පියවර ගත්තේ.

මේ අතර සිය නිවසේ මෙහෙකාරියට පහර දුන් බවට චෝදනා එල්ල වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲට ඇප ලබාදීමේදී ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඞ් සහබ්දීන් පක්ෂග්‍රාහීව කටයුතු කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ ඊයේ කියා සිටියා. ඔහු මේ බව කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලූුනු අවස්ථාවේදියි. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories