වතු කම්කරු වර්ජනය උග්‍ර අතට- කළමනාකරුවෙකුට ප්‍රහාරයක්

Thursday, 09 July 2015 - 9:48

%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%8B%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%85%E0%B6%AD%E0%B6%A7-+%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වතු කම්කරුවන් ආරම්භ කර ඇති සෙමෙන් වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නතර කරන තුරු තේ කර්මාන්තශාලා වසා දැමීමට වතු අධිකාරීවරුන් තීරණය කර තිබෙනවා. දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් ආරම්භ කර ඇති සෙමෙන් වැඩකිරීමේ  වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 4ක්. දැනට වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 485 ක් වන අතර එය රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම  වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන්නේ්. නුවරඑළිය අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ ඊයේ (08) දිනයේදී වතු කම්කරුවන් නෙළන ලද තේ දළු, කර්මාන්තශාලා ඉදිරිපිටට ගෙනවිත්  බිම හලා පිටව ගිය බවයි.

බදුල්ල සහ දෙණියාය ප්‍රදේශවලද වතුවල තේ දළු නෙලීම සඳහා කිසිදු වතු කම්කරුවෙකු ඊයේ දිනයේදී පැමිණ නොසිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර රත්නපුර - හපුගස්තැන්න තේ වතුයායේ කළමනාකාරවරයාට ඊයේ රාත්‍රියේ වතු කම්කරුවන් පිරිසක් පහරදීමක් සිදුකර තිබෙනවා. වතු කම්කරුවන් කළමනාකාරවරයාගේ බංගලාවට පැමිණ එහි දේපලවලටද හානි සිදුකළ බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් වතු කළමනාකරු  ඕ.කේ.ආර්. පෙරේරා කියා සිටියේ.

කෙසේ වෙතත් වතු කම්කරුවන්, අවසරයකින් තොරව සෙමෙන් තේ දළු නෙලීමේ කටයුතු සිදුකළද ඒ සඳහා කිසිදු වැටුපක් ලබා නොදීමටද වතු අධිකාරීවරුන් මේ වනවිට තීරණය කර තිබෙනවා.




 




















( ඡායාරූප - රංජිත් රාජපක්ෂ/පාලිත ආරියවංශ)


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories