Update: මහින්ද නාමයෝජනාවට අත්සන් තබයි

Thursday, 09 July 2015 - 11:10

Update%3A+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙවර මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කුරුණෑගලින් තරඟ කිරීම සඳහා නාමයෝජනා පත්‍රයට අද අත්සන් තැබුවා. ඒ පිළිබඳව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශද තහවුරු කළා.

මහ මැතිවරණයට ඉදිරිපත්වන ප්‍රධාන දේශපාලන පක්ෂ සිය නාමයෝජනා සකස් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරයට පැමිණ තිබෙනවා. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී  එහි  ලේකම් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා කියා සිටියේ දින දෙකක් ඇතුළත මෙම කටයුතු අවසන් කරන බවයි.

එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා සකස් කිරීමේ කටයුතු මේ වනවිට 90% කින් පමණ අවසන් කර ඇති බවයි එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ.

හෙට දිනයේදී තම පක්ෂයේ නාමයෝජනා භාරදීම ආරම්භ කරන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories