පක්ෂ කිහිපයක් යූ.එන්.පී. සමඟින් එක පෙරමුණකින් මැතිවරණයට

Saturday, 11 July 2015 - 7:41

%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B7%96.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%B4%E0%B7%93.+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
ඉදිරි මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් යුත් යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණ යටතේ තරඟ වැදීමට පක්ෂ කිහිපයක් එකඟ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කළා. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් සහ ජාතික හෙළ උරුමය මෙන්ම තවත් දේශපාලන පක්ෂ කිහිපයක්ම එක්වනු ඇති බවයි වාර්තා වන්නේ. එක පෙරමුණක් යටතේ අලියා ලකුණෙන් අගෝස්තු 17 වන දා පැවැත්වෙන මහ මැතිවරණයට යහපාලනය සදහා වන එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් වනු ඇති. අද (11) පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ ජාතික සම්මේලනයේදී අදාළ පෙරමුණ යටතේ තරඟ කිරීම සඳහා යෝජනාවක් ද ඉදිරිපත් කිරීමට නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙනවා. එමගින් එක් පෙරමුණක් යටතේ තරඟ කිරීම සඳහා පක්ෂ ක්‍රියාකාරීන්ගේ අනුමැතිය ලබා ගැනීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories