අර්ජුන, රාජිත, එම්.කේ.ඩී.එස්. ඇතුළු 13ක් නිදහස් පක්ෂයෙන් ඉවත් වෙයි

Saturday, 11 July 2015 - 9:04

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%2C+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%2C+%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.%E0%B6%9A%E0%B7%9A.%E0%B6%A9%E0%B7%93.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+13%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අර්ජුන රණතුංග, රාජිත සේනාරත්න, සහ තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ වදින බව අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන අද (11) ප්‍රකාශ කළා. අමාත්‍යවරයා සදහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු සමඟ දැනටමත් එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් තරඟ කිරීමට එකඟතාවය පළ කර ඇති බවයි. හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක්වෙමින් අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන සදහන් කළේ තමන්ගේ තීරණය ජනාධිපතිවරයා වෙත ද ඊයේ රාත්‍රියේ දැනුම් දුන් බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙලෙස එම පක්ෂයෙන් ඉවත්වීමට ගෙන ඇති තීරණය පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු සුසිල් ප්‍රේමජයන්තගෙන් විමසීමක් කළා. එහිදී මහලේකම්වරයා සදහන් කළේ එවැනි ඉවත්වීමක් පිළිබඳව නිළ වශයෙන් දැනුම් දී නොමැති බවයි. එසේම එය සන්ධානයට බලපෑමක් නොවන බව ද ඔහු ප්‍රකාශ කළා. මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් සදහන් කළේ කිසිවිටෙකත් තමාට මහලේකම්වරයා ලෙස ලැබී ඇති නෛතික බලය කිසිසේත්ම අනිසි ලෙස භාවිතා කර නොමැති බවයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවීමට සුදානමින් සිටින බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව ප්‍රකාශ වූ නියෝජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා. එහිදී ඇය කියා සිටියේ තමන් පක්ෂයෙන් ඉවත්වීමේ තීරණයක් ගෙන නොමැති බවයි. මේ අතර, අමාත්‍ය පියසේන ගමගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීමට සූදානම් වන බවටද සඳහන් වුණා. ඒ පිළිබදව කළ විමසීමේදී අමාත්‍යවරයා සඳහන් කළේ තමන් මේ වනතුරුත් පක්ෂයෙන් ඉවත්වීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories