කුරුණෑගලින් තරඟ කිරීමට හේතුව හිටපු ජනපති පහදයි

Sunday, 12 July 2015 - 21:15

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
මහමැතිවරණයට ඉදිරිපත් වන ලෙස දිස්ත්‍රික් රැසකින් ඇරයුම් ලැබුණත් අවසානයේ තමන් කුරුණෑගල දිස්ත්‍රික්කය තෝරා ගත්තේ හේතු කිහිපයක් මත බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. දළදා වහන්සේ වැඩ විසූ ඓතිහාසික රාජධානි 4 ක් කුරුණෑගල පිහිටා තිබීම ඊට හේතුව බවයි  හම්බන්තොට - මීවනපෙල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින්  හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව පිළිබඳව තවමත් ගැටළු පවතින හෙයින් ඒ පිළිබඳව අවදානය යොමු කරන ලෙස ඉල්ලා පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. පසුගිය 11 වන දා හම්බන්තොට - වලස්මුල්ල පොලිස් බල ප්‍රදේශයේ පැවැති රැස්වීම්වලට පොලිස් ආරක්ෂාව ලබානොදුන් බවයි හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට එම ලිපිය මගින් සදහන් කළේ. හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් දිස්ත්‍රික්කයේ උසස් පොලිස් නිලධාරීන්ට උත්සවය පැවැත්වීමට පෙර ඒ පිළිබදව දැනුවත් කර තිබෙනවා. එසේ දැනුවත් කර තිබියදී ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු ඇතිවීම පිළිබදව අවදානය යොමු කරන ලෙස ඉල්ලමිනුයි පොලිස්පතිවරයාට මෙම ලිපිය යොමු කර ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories