පානදුර බස් නැවතුම්පල ආසන්නයේදී මාර්ගය හරහා ගමන් කළ කාන්තාවක් පානදුර දෙසට ධාවනය වූ වෑන් රථයක ගැටීමෙන් ඊයේ රාත්‍රියේ මියගොස් තිබෙනවා. වයස අවුරුදු 80 ක් පමණ වන යාචක කාන්තාවක් වන ඇය රෝහල් ගතකිරීමෙන් අනතුරුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. මේ අතර, මිහින්තලේ - කහටගස්දිගිලිය මාර්ගයේ අඹගහවෙල මංසන්ධියේදී ටිපර් රථයක යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් පසුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මීට අමතරව කඹුරුපිටිය සහ අගුණකොලපැලැස්ස ප්රදේශවලද ඊයේ සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
Follow US
Most Viewed Stories