මනුෂ්‍ය ඝාතන දෙකක්!

Monday, 13 July 2015 - 12:18

%E0%B6%B8%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A%21
කැළණිය - පොල්හේන ප්‍රදේශයේදී ඊයේ (12) රාත්‍රියේ කළ පහරදීමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. පොල්හේන ප්‍රදේශයේ පදිංචිව සිටි  40 හැවිරිදි පුද්ගලයෙකුට එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු මුගුරකින් සිදුකළ පහරදීමකිනුයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මේ අතර යක්කලමුල්ල - ගහකොලදෙණිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පිහියකින් සහ උදැල්ලකින් පහරදීමකින් ඊයේ (12) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම මනුෂ්‍ය ඝාතන දෙක සම්බන්ධයෙන්  සැකකරුවන් කිහිප දෙනෙක් මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories