Update: ඩලස් සහ මනෝජ් විරෝධතා ප්‍රතික්ෂේපයි

Monday, 13 July 2015 - 13:04

Update%3A+%E0%B6%A9%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B6%B1%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4%E0%B6%BA%E0%B7%92
එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවෙන් මාතර ට ඉදිරිපත් වූ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ මනෝජ් සිරිසේනට එරෙහිව ඉදිරිපත් වූ විරෝධතා තේරීම්භාර නිලධාරීවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. මාතර දිස්ත්‍රික් සහකාර තේරීම් භාර නිලධාරී බී. රණවීර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ඒ අනුව ඔවුන් දෙදෙනාට මැතිවරණයට ඉදිරිපත්වීමේ හැකියාව පවතින බවයි. මොවුන් දෙදෙනා ද්විත්ව පුරවැසි භාවය ලබා ඇති බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණ සහ අපේ ජාතික පෙරමුණ විරෝධතා ගොනු කර තිබුණා.

මාතර ඩලස්ට - සිරිසේනට නාමයෝජනා විරෝධතා

මාතර දිස්ත්‍රික්කයේ නාමයෝජනා දෙකකට  විරෝධතා ඉදිරිපත්ව තිබේ. ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ මනෝජ් සිරිසේන සම්බන්ධයෙන්. ඔවුන්ගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ  විරෝධතා ගොනුකර තිබේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories