Update: මන්ත්‍රී ධුර 196ක් වෙනුවෙන් අපේක්ෂකයන් 6151ක්

Monday, 13 July 2015 - 13:14

Update%3A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB+196%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+6151%E0%B6%9A%E0%B7%8A

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 196ක් වෙනුවෙන් අගෝස්තු 17 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය සඳහා අපේක්ෂකයන් 6151 දෙනෙකු මෙවර තරඟ බිමට පිවිස තිබෙනවා. මහ මැතිවරණයට අදාළව නාම යෝජනා භාර ගැනීම අද (13) මධ්‍යහන 12න් අවසන් කෙරුණු අතර, ඉන් අනතුරුව පැය එක හමාරක කාලයක් විරෝධතා දැක්වීම සඳහා අවස්ථාව ලබාදී තිබුණා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 22කින් සහ ස්වාධීන කණ්ඩායම් 16කින්  නාම යෝජනා ඉදිරිපත් කර තිබූ අතර ඉන් දේශපාලන පක්ෂයක්  සහ ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කර තිබූ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කෙරුණා. කොළඹ දිස්ත්‍රික් ලේකම් කමල් පද්මසිරි සදහන් කළේ ඔක්කොම වැසියෝ, ඔක්කොම රජවරු සංවිධානය ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය මෙලෙස ප්‍රතික්ෂේප කළ බවයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය සදහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් සංඛ්‍යාව 792ක්.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක් අද පෙරවරුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ සිය නාම යෝජනා පත්‍ර ලබාදුන්නා. එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් නාම යෝජනා පත්‍රය දිස්ත්‍රික් ලේකම්වරයා වෙත භාර දුන්නේ  අමාත්‍යවරුන් වන රවී කරුණානායක සහ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ විසින්.

කළුතර දිස්ත්‍රික්කය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 19කින් සහ ස්වාධීන කණ්ඩායම් 6කින් නාම යෝජනා භාර දුන් අතර දේශපාලන පක්ෂ දෙකක සහ ස්වාධීන කණ්ඩායමක නාම යෝජනා ප්‍රතික්ෂේප කෙරුණා. නව සිහල උරුමය සහ අහිල ඉලංගෙයි ද්‍රවිඩ මහා සභා පක්ෂයේ නාම යෝජනායි මෙලෙස ප්‍රතික්ෂේප කෙරුණා. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කය සදහා පිළිගත් දේශපාලන පක්ෂ 17කින් සහ ස්වාධීන කණ්ඩායම් 5කින් අපේක්ෂකයන් 286 දෙනෙකු මෙවර මහ මැතිවරණය සදහා ඉදිරිපත්ව සිටිනවා.

කළුතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ නාම යෝජනා අද පෙරවරුවේ භාර දෙනු ලැබුවේ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා විසිනුයි.

නිදහස් සන්ධානය වෙනුවෙන් නාම යෝජනා භාර දෙනු ලැබුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමයි.

බොදුබල සේනා සංවිධානය මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ බොදුජන පෙරමුණ යටතේයි. එම පෙරමුණේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කළුතර දිස්ත්‍රික්කය සදහා නාම යෝජනා පත්‍ර අද භාර දුන්නා.

ගම්පහ දිස්ත්‍රික්කය සදහා පිළිගත් දේශපාලන පක්ෂ 13කින් සහ ස්වාධීන කණ්ඩායම් 16කින් නාම යෝජනා ඉදිරිපත්ව තිබූ අතර, ඉන් දේශපාලන පක්ෂයක නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනවා. නව සිහල උරුමයේ නාම යෝජනා පත්‍රය මෙලෙස ප්‍රතික්ෂේප වී ඇති අතර ඒ අනුව දේශපාලන පක්ෂ 12කින් සහ ස්වාධීන කණ්ඩායම් 16කින් අපේක්ෂකයන් 588ක් මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටිනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කය සදහා දේශපාලන පක්ෂ 12කින් සහ ස්වාධීන කණ්ඩායම් 15කින් නාම යෝජනා ඉදිරිපත්ව ඇති අතර ඉන් එක් ස්වාධීන කණ්ඩායමක නාම යෝජනා ප්‍රතික්ෂේප කෙරුණා. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් සංඛ්‍යාව 468ක්.

පුත්තලම දිස්ත්‍රික්කය සදහා පිළිගත් දේශපාලන පක්ෂ 12කින් සහ ස්වාධීන කණ්ඩායම් 15කින් නාම යෝජනා ඉදිරිපත්ව තිබූ අතර ඉන් ස්වාධීන කණ්ඩායම් 3ක නාම යෝජනා ප්‍රතික්ෂේප කෙරුණා. ඒ අනුව මෙවර මහ මැතිවරණයට පුත්තලම දිස්ත්‍රික්කයෙන් තරග කරන මුළු අපේක්ෂකයන් සංඛ්‍යාව 275ක්.

අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා දේශපාලන පක්ෂ 11කින් සහ ස්වාධීන කණ්ඩායම් 10කින් නාම යෝජනා ඉදිරිපත්ව තිබූ අතර, ඒ සියල්ල පිළිගත් බවයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කළේ. දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත්ව සිටින මුළු අපේක්ෂකයන් සංඛ්‍යාව 252ක්.

පොළොන්නරුව දිස්ත්‍රික්කය සදහා පිළිගත් දේශපාලන පක්ෂ 9කින් සහ ස්වාධීන කණ්ඩායම් 6කින් නාම යෝජනා ඉදිරිපත්ව තිබූ අතර දේශපාලන පක්ෂ දෙකක සහ ස්වාධීන කණ්ඩායම් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේප කෙරුණා. ජනසෙත පෙරමුණේ සහ එක්සත් මහජන පක්ෂයේ නාම යෝජනා ප්‍රතික්ෂේප වුණා. ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කය සදහා ඉදිරිපත්ව සිටින මුළු අපේක්ෂකයන් සංඛ්‍යාව 88ක්.

මාතර දිස්ත්‍රික්කය සදහා පිළිගත් දේශපාලන පක්ෂ 13කින් සහ ස්වාධීන කණ්ඩායම් 4කින් නාම යෝජනා ඉදිරිපත් කෙරුණු අතර එම නාම යෝජනා පත්‍ර සියල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා විසින් පිළිගනු ලැබුවා. ඒ අනුව මාතරට ඉදිරිපත්ව සිටින මුළු අපේක්ෂකයන් සංඛ්‍යාව 187ක්.

ගාල්ල දිස්ත්‍රික්කය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 14කින් සහ ස්වාධීන කණ්ඩායම් 3කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් වූ අතර, ඒවා සියල්ල පිළිගෙන තිබෙනවා. දිස්ත්‍රික්කය සදහා ඉදිරිපත්ව සිටින මුළු අපේක්ෂකයන් සංඛ්‍යාව 221ක්.

හම්බන්තොට දිස්ත්‍රික්කය සදහා දේශපාලන පක්ෂ 12කින් සහ ස්වාධීන කණ්ඩායම් 6කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත්ව තිබූ අතර ඉන් එක් ස්වාධීන කණ්ඩායමක නාම යෝජනා ප්‍රතික්ෂේප වුණා. ඒ අනුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණය සදහා ඉදිරිපත්ව සිටින මුළු අපේක්ෂකයන් සංඛ්‍යාව 170ක්.

වන්නි දිස්ත්‍රික්කය සදහා පිළිගත් දේශපාලන පක්ෂ 19කින් සහ ස්වාධීන කණ්ඩායම් 11කින් නාම යෝජනා ඉදිරිපත් වූ අතර, ඉන් දේශපාලන පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායමක නාම යෝජනා ප්‍රතික්ෂේප වුණා. නාම යෝජනා ප්‍රතික්ෂේප වූ දේශපාලන පක්ෂය වන්නේ නව සිහල උරුමයයි. ඒ අනුව දිස්ත්‍රික්කයේ මුළු අපේක්ෂකයන් සංඛ්‍යාව 252ක්.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය සදහා දේශපාලන පක්ෂ 15කින් සහ ස්වාධීන කණ්ඩායම් 20කින් නාම යෝජනා ඉදිරිපත් වූ අතර එක් දේශපාලන පක්ෂයක ස්වාධීන කණ්ඩායම් 3ක් නාම යෝජනා ප්‍රතික්ෂේප වුණා. මෙලෙස නාම යෝජනා ප්‍රතික්ෂේප වී ඇත්තේ ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානයේයි. ඒ අනුව දිස්ත්‍රික්කයෙන් මැතිවරණය සදහා ඉදිරිපත්ව සිටින මුළු අපේක්ෂකයන් සංඛ්‍යාව 310ක්.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය සදහා දේශපාලන පක්ෂ 15කින් සහ ස්වාධීන කණ්ඩායම් 8කින් නාම යෝජනා ඉදිරිපත් වූ අතර ස්වාධීන කණ්ඩායම් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේප වුණා. ඒ අනුව දිස්ත්‍රික්කයෙන් මැතිවරණය සදහා අපේක්ෂකයන් 147ක් ඉදිරිපත්ව සිටිනවා.

මඩකලපුව දිස්ත්‍රික්කය සදහා දේශපාලන පක්ෂ 16කින් සහ ස්වාධීන කණ්ඩායම් 30කින් නාම යෝජනා ඉදිරිපත් වූ අතර ඒ සියල්ල පිළිගෙන තිබෙනවා. ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන අපේක්ෂකයන් සංඛ්‍යාව 368ක්.

යාපනය දිස්ත්‍රික්කය සදහා දේශපාලන පක්ෂ 17කින් සහ ස්වාධීන කණ්ඩායම් 12කින් නාම යෝජනා ඉදිරිපත් වුණා. ඉන් දේශපාලන පක්ෂ දෙකක සහ ස්වාධීන කණ්ඩායම් 6ක් නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනවා. අයික්ක්‍ය මක්කල් පක්ෂයේ සහ එංගල් ඉලංගෙයි සුගන්දිරම් මුන්නනි පක්ෂයේ නාම යෝජනායි මෙලෙස ප්‍රතික්ෂේප වී ඇත්තේ. ඒ අනුව යාපනය දිස්ත්‍රික්කය සදහා ඉදිරිපත්ව සිටින මුළු අපේක්ෂකයන් සංඛ්‍යාව 210ක්.  

මේ අතර, යාපනය දිස්ත්‍රික්කයේ නාමයෝජනා ලබාදීමේදී පුනරුත්ථාපනය කරන ලද එල්.ටී.ටී.ඊ සාමාජිකයන් 11 දෙනෙකු ද අද දිනයේ ජනනායක පොරාලිගල් පක්ෂයෙන් ඉදිරිපත්ව ඇති බවයි එහි කණ්ඩායම් නායක එන්. විද්‍යාධරන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මහනුවර දිස්ත්‍රික්කය සදහා පිළිගත් දේශපාලන පක්ෂ 17කින් සහ ස්වාධීන කණ්ඩායම් 7කින් ඉදිරිපත් වූ නාම යෝජනා සියල්ල පිළිගෙන තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික්කය නියෝජනය කරන මුළු අපේක්ෂකයන් සංඛ්‍යාව 360ක්.

මාතලේ දිස්ත්‍රික්කය සදහා පිළිගත් දේශපාලන පක්ෂ 14කින් සහ ස්වාධීන කණ්ඩායම් 9කින් නාම යෝජනා ඉදිරිපත් වූ අතර එක් ස්වාධීන කණ්ඩායමක නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණය සදහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් සංඛ්‍යාව 176ක්.

නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා පිළිගත් දේශපාලන පක්ෂ 14කින් සහ ස්වාධීන කණ්ඩායම් 9කින් ඉදිරිපත් වූ සියලූ නාම යෝජනා පත්‍ර පිළිගෙන තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික්කයේ මුළු අපේක්ෂකයන් සංඛ්‍යාව 253ක්.

රත්නපුර දිස්ත්‍රික්කය සදහා දේශපාලන පක්ෂ 14කින් සහ ස්වාධීන කණ්ඩායම් 6කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් වී ඇති අතර එම සියලූ නාම යෝජනා පිළිගෙන තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික්කය නියෝජනය කරන මුළු අපේක්ෂක සංඛ්‍යාව 280ක්.

කෑගල්ල දිස්ත්‍රික්කය සදහා පිළිගත් දේශපාලන පක්ෂ 13කින් සහ ස්වාධීන කණ්ඩායම් 7කින් නාම යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. එක් ස්වාධීන කණ්ඩායමක නාම යෝජනා ප්‍රතික්ෂේප වී ඇති අතර ඒ අනුව මැතිවරණය සදහා ඉදිරිපත්ව සිටින මුළු අපේක්සකයන් සංඛ්‍යාව 228ක්.

බදුල්ල දිස්ත්‍රික්කය සදහා පිළිගත් දේශපාලන පක්ෂ 10කින් සහ ස්වාධීන කණ්ඩායම් 7කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත්වූ අතර එක් දේශපාලන පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායමක නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වුණා. මෙලෙස නාම යෝජනා ප්‍රතික්ෂේප වූ පක්ෂය වන්නේ ජන සෙත පෙරමුණයි. ඒ අනුව දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයන් 165 දෙනෙකු මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටිනවා.

මොණරාගල දිස්ත්‍රික්කය සදහා දේශපාලන පක්ෂ 11කින් සහ ස්වාධීන කණ්ඩායම් දෙකකින් නාම යෝජනා ලැබුණු අතර එක් දේශපාලන පක්ෂයක නාම යෝජනා ප්‍රතික්ෂේප වුණා. ඒ මව්බිම ජනතා පක්ෂයේයි. ඒ අනුව දිස්ත්‍රික්කය නියෝජනය කරන මුළු අපේක්ෂකයන් සංඛ්‍යාව 96ක්.





Update: Monday, 13 July 2015 - 19:21
----------------------------

නාමයෝජනා මෙන්න

පුත්තලම දිස්ත්‍රික්කය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය  සහ එක්සත් ජාතික පක්ෂය මෙන්ම තවත් පක්ෂ රැසක් 11 දෙනා බැගින් වූ  නාමයෝජනා භාරදුන්නා. මේ අතර  දිස්ත්‍රික්කයට ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායම් 3ක නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනවා. පිළිගත් දේශපාලන පක්ෂ 12කින් සහ ස්වාධීන කණ්ඩායම් 15කින් නාම යෝජනා ඉදිරිපත් වී ඇත.

 පුත්තලම දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය

01  නානායක්කාර වර්ණකුල පටබැදිගේ නිරෝෂන් අර්ඩිල් ප්‍රියන්ත පෙරේරා
02  ආර්.බී. පාලිත රංගේ බණ්ඩාර
03  අබේසේකර වලිමුණි මැන්ඩිස් ප්‍රියන්ජිත් හේමන්ත සිසිර කුමාර
04  අප්පුහාමි මාකාවිට ආරච්චිගේ දොන් හයිජිනස් හෙක්ටර්
05 අශෝක වඩිගමංගාව
06   ආර්.ඩී අශෝක ප්‍රියන්ත
07  මොහොමඩ් නිසාර් මොහොමඩ් නස්මි
08  ඇලෙක්සස් හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු වර්ණකුලසූරිය
09  මොහොමඩ් හනිෆා මොහොමඩ් නවාවි
10 අබ්දුල් හමීදු පයිරුස්
11 වෛරයියා කමලක් කන්තන්  

එක්සත් ජනතා නිදහස් සන්ධානය

    01 මිල්රෝයි ප්‍රනාන්දු
    02  පියංකර ජයරත්න
    03 අරුන්දික ප්‍රනාන්දු
    04 බියන්විලගේ ඇන්ටනි වික්ටර් පෙරේරා
    05 ඇන්ටන් දයාශ්‍රිත තිසේරා
    06 ගමමැදියනගේ ජෝෂප් ලලිත් නියොමාල් පෙරේරා
    07 ගුරුගේ සනත් නිශාන්ත පෙරේරා
    08  චින්තක අමල් මායාදුන්න
    09 සාහුල් හමීදු මොහමදු මුසම්මිල්
    10 එල්ගකේගජගත් ප්‍රියංකර
    11 අබේරත්න මුදියන්සේලාගේ ඉන්ද්‍රානි දසනායක




මාතලේ දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය

   
01 අලුවිහාරේ වසන්ත
    02 අලුවිහාරේ රංජිත්
    03 ප්‍රියාන් විජේරත්න
    04 ඒ.එච්.එම්. ඉබ්‍රාහිම්
    05 එම්. කුමාරි විජේරත්න
    06 රෝහිණි කුමාරි විජේරත්න
    07 වේලායුදම් සන්දනම් විරසිංහ
    08 උජිත් අනුරාධ


එක්සත් ජනතා නිදහස් සන්ධානය

   
01 ජනක බණ්ඩාර තෙන්නකොන්
    02 ලක්ෂ්මන් වසන්ත පේරේරා
    03 ඒකනායක මුදියන්සේලාගේ මහින්ද නන්දිමිත්‍ර ඒකනායක
    04 ආර්.කේ  දිසානායක
    05 අසිත ඉදුනිල් වෑගඩපොළ
    06 අනුරුද්ධ මොහාන් ගිරාගම විරකොන්
    07 මුත්තුසාමි සිවඥානම්
    08 මුහම්මදු නකිෆ්

 ජනතා විමුක්ති පෙරමුණ

    01 ගමගෙදර දිසානායක
    02 බියන්විල සුනිල් ජයලත් බියන්විල
    03 යූ. මුදියන්සේලාගේ නිශාන්ත සිසිර කුමාර
    04 මොහමඩ් යසුෆ් නිලාෆ්
    05 අඹගහගෙදර සුනිල් ජයවිර
    06 රණසිංහ ආරච්චිගේ දොන් ජයලාල්
    07 පී.ඩී. සිරිවර්ධන
    08 පන්සලේගෙදර නිශාන්ත ප්‍රදිප් කුමාර


ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන 10ක්  සදහා පිළිගත් දේශපාලන පක්ෂ 14ක්   හා ස්වාධින කණ්ඩාම්  03 කින් අපේක්ෂකයින් 221 දෙනෙකු නාමයෝජනා ලබා දී තිබේ.

ගාල්ල දිස්ත්‍ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය

01 අබේවර්ධන වජිර
02 ගයන්ත කරුණාතිලක
03 බන්දුලලාල් බණ්ඩාරිගොඩ
04 බෝපාගොඩ හෙට්ටිආරච්චිගේ විජේපාල
05 දාසිලිගේ සුනිල් සේනානායක
06 ජයන්ත ජයවිර බන්දුලහේවා
07 අශෝක විර සෝමරත්න
08 ආනන්ද පද්මසිරි කාරියවසම්
09 ඩෙනට් පනියන්දුවගේ
10 පයාස් මොහොමඩි ලතිප්
11 අජන්ත ද සොයිසා
12 අබේගුණවර්ධන චන්ද්‍රලාල්
13 අතුකොරල සේනාධි ජයලාල්

 එක්සත් ජනතා නිදහස් සන්ධානය

01 ඉහලමැදගම ගමගේ පියසේන
02 චන්දිම වීරක්කොඩි
03 මුදුගම හේවගේ ගුණරත්න වීරකෝන්
04 නිශාන්ත මුතුහෙට්ටිගමගේ
05 රමේෂ් චමින්ද බෙන්තොට පතිරණ
06 මලිගස්පේ කෝරලගේ නලීන් මනුෂ නානායක්කාර
07 අගම්පොඩි මොහාන් ප්‍රියදර්ශන ද සිල්වාග
08 ගීතා සමන්මලී කුමාරසිංහ
09 නාඔටුන්න ගුරුගේ මෙත්සිරි ඇලෙක්ස්ඇන්ඩර් ද සිල්වා
10 සිරිමාතුර චන්න ශ්‍රී සාලිය මෙන්ඩිස්
11 අරුණ ප්‍රදීප් මනිමෙල්වඩු
12 බද්දේගම සමිත හිමි
13 අගුළුගහගමගේ චන්ද්‍රදාස පියසිරි

 ජනතා විමුක්ති පෙරමුණ

01 අසේල නලින් හේවගේ
02 රත්න ගමගේ
03 කොළඹ තන්ත්රි  නිශාන්ත පෙරේරා
04 බිංදුහේවා සරත් චන්ද්‍ර සෝම ද සිල්වා
05 නන්දසේන ලියනගේ
06 සුභසිංහ පතිරණගේ විජේසිංහ
07 මිපගමගේ කුවින්ටස් විරසේකර
08 මොහොමඩ් අරිප් අබ්දුල් මජිඩ්
09 වල්පිටගමගේ ලාල්
10 උස්වත්ත ලියනගේ අමරසිරි
11 තොටගමුව කංකානම්ගේ ජයසුන්දර
12 කාරියවසම් ගල්තන්ත්රිදගේ ආනන්ද
13 හල්විට ඉහල ගමගේ සුනිල්


එළැඹෙන මහමැතිවරණයේ  චමල්, නාමල් සහ නිරූපමා - රාජපක්ෂ පවුල නියෝජනය කරමින් හම්බන්තොට වෙනුවෙන් නාම යෝජනා ඉදිරිපත්කර ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය

01 සජිත් ප්‍රේමදාස
02 දිලිප් වෙදආරච්චි
03 කඩුකන්නගේ ආනන්ද කුලරත්න
04 තෙන්නකෝන් ගමගේ සේනාරත්න
05  තල්පාවිල විදාන කංකානම්ගේ ගාමිණි
06 සමරසිංහ ආරචිචිගේ සුජීවා
07 අතුලසේනාරත්න මිගස්දෙනිය කංකානම්ගේ
08 එම් එල් ඒ ගුණතිලක
09 පේදුරු ආරච්චිගේ සුජිත් මුතුකුමාරණ
10 මහින්ද පුෂ්පකුමාර පාතේගම

එක්සත් ජනතා නිදහස් සන්ධානය

චමල්, නාමල් සහ නිරූපමා  රාජපක්ෂ පවුල නියෝජනය කරමින් ඉදිරිපත්ව ඇත.

01 චමල් ජයන්ත රාජපක්ෂ
02 මහින්ද අමරවීර
03 නාමල් රාජපක්ෂ
04 නිරූපමා දීපිකා රාජපක්ෂ
05  වේහැල්ල කංකානම්ගේ ඉන්දික ජමේන්ද්‍ර
06 දෙනගම විතාරණගේ චානක දිනුෂාන්
07  අජිත් නිශාන්ත රාජපක්ෂ
08 හර්ෂ උදයකුමාර ජයවීර
09 එරාජ් රවීන්ද්‍ර  ප්‍රනාන්දු
10 අලුත් දුරගේ හේමසිරි නිශ්සංක රණදේව

ජනතා විමුක්ති පෙරමුණ

01 ගලප්පත්ති ආරච්චිගේ නිහාල්
02 වාහල තන්ත්‍රිගේ සිසිර කුමාර
03 අතුල වෙළදගොඩ හේවගේ
04 ප්‍රභා රුවන් සෙනරත්
05  හේවා ලොකුගේ ජයසිරි
06 මුතුමාල පටබැදිගේ නිමල් ජයන්ත මුතුමාල
07  ලියන ආරච්චිගේ චන්ද්‍රදාස
08 ලොකු හැන්නදිගේ කුමුදු සුජීව ප්‍රියන්ත
09 හේවා අඹේපිටියගේ මහේෂ් තරංග  ඉඳුනිල්
10 අරවින්ද සෙනරත් විතාරණ


කොළඹ දිස්ත්‍රික්කයට  එක්සත් ජාතික පක්ෂයෙන් සහ එක්සත් ජනතා නිදහස් සංධානයෙන් නාම යෝජනා 22 බැගින් ඉදිරිපත්ව ඇත.

කොළඹ දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය

01) රවී කරුණානායක (කණ්ඩායම් නායක)
02) විජයදාස රාජපක්ෂ
03) රනිල් වික්‍රමසිංහ
04) හර්ෂ ද සිල්වා
05) රෝසි සේනානායක
06) ඉරාන් වික්‍රමරත්න
07) සුජීව සේනසිංහ
08) මංජු ශ්‍රී අරංගල
09) නිරෝෂන් පාදුක්ක
10) මුජිබුර් රහුමාන්
11) එස්.එම්.මරික්කාර්
12) උපුල් ශාන්ත සන්නස්ගල
13) උදාර රත්නායක
14) ජයන්ත ද සිල්වා
15) සුනේත්‍රා රණසිංහ
16) ශ්‍රීනාත් පෙරේරා
17) ලෙනාඩ් කරුණාරත්න
18) මනෝ ගනේෂන්
19) එස්.කුහවර්ධන්
20) ෆෙරෝසා මුසම්මිල්
21) හිරුනිකා එරංජලී ප්‍රේමචන්ද්‍ර
22) පාඨලී චම්පික රණවක

එක්සත් ජනතා නිදහස් සංධානය

01) සුසිල් ප්‍රේම්ජයන්ත (කණ්ඩායම් නායක)
02) දිනේෂ් ගුණවර්ධන
03) විමල් වීරවංශ
04) බන්දුල ගුණවර්ධන
05) මොහාන් ලාල් ග්‍රේරු
06) ගාමිණී ලොකුගේ
07) තිලංග සුමතිපාල
08) ගීතාංජන ගුණවර්ධන
09) රෝහිත බෝගොල්ලාගම
10) චන්දන කත්‍රිආරච්චි
11) ජනක වැලිවත්ත
12) කාන්ති කොඩිකාර
13) ධනසිරි අමරතුංග
14) මල්ෂා කුමාරතුංග
15) ප්‍රසන්න සෝලංගආරච්චි
16) ජගත් කුමාර සුමිත්‍රආරච්චි
17) වජිරා මාපලගම
18) එම්. අල්මේදා
19) තල්ලයියා කුමර ගුරුපරන්
20) උදය ප්‍රභාත් ගම්මන්පිල
21) ෆාවුල් හමීඩ් මොහොමඩ්
22) ජයන්ත කැටගොඩ

 ජනතා විමුක්ති පෙරමුණ

01 අනුර කුමාර දිසානායක
02 කේ.ඩී.ලාල් කාන්ත
03 ලක්ෂ්මන් නිපුනආරච්චි
04 සුනිල් වටගල
05 සමන්මලී ගුණසිංහ
06 සරත් පතිරණ
07 එගොඩ විතානගේ අසිත නිරෝෂණ
08 රන්ජන් ජයලාල්
09 දේවානන්ද සුරවීර
10 යහම්පත් ආරච්චිගේ දොන් අනුර හේමපාල
11 අරුණ පනාගොඩ
12 හේමන්ත වීරකෝන්
13 මුහම්මදු ඉල්යාස් මුහම්මදු ෆවුසාන්
14 අරෝෂ අතපත්තු
15 ධම්මික බණ්ඩාර
16 නිශාන්ත ප්‍රදිනාන්දු
17 උපසේන පලිහවඩන
18 පතිරණගේ වසන්තා මාලනී
19 චාමර මද්දුමකළුගේ
20 ප්‍රදීප් නිශාන්ත වෙදමුල්ල
21 චන්දිම සුරියආරච්චි
22 තල්දුව ලේකම්ලාගේ ප්‍රදීප් තලේරත්න


වැඩි අවධානය හිමිව ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාමයෝජනා

කුරුණෑගල දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය  

01 අකිල විරාජ්
02 එස්.බී. නාවින්න
03 ගාමිණී ජයවික්‍රම
04 අශෝක අබේසිංහ
05 නලීන් බණ්ඩාර
06 ශමල් සෙනරත්
07 J.C අලවතුවල
08ඉඳුනිල් තුෂාර
09 M.S පෙරේරා
10 ප්‍රීතිමොහාන් පෙරේරා
11 T.M.H.P තෙන්නකෝන්
12 ජගත් මංජුල යාපා
13 කුමාරදාස ගිරිබාව
14 අචිනි හේරත්
15 බන්දුල බණ්ඩාරනායක
16 අජිත් රෝහණ
17 H.M ජයරත්න
18 MS ශිහාබ්දීන්

එක්සත් ජනතා නිදහස් සන්ධානය

01 මහින්ද රාජපක්ෂ
02 අනුර ප්‍රියදර්ශන යාපා
03 ජොන්ස්ටන් ප්‍රනාන්දු
04 ශාන්ත බණ්ඩාර
05 ජයරත්න හේරත්
06 සාලින්ද දිසානායක
07 ඉන්දික බණ්ඩාරනායක
08 තාරානාත් බස්නායක
09 නිමල් විජේසිංහ
10 R.D. නිමලදාස
11 දයාසිරි ජයසේකර
12 අතුල විජේසිංහ
13 දර්ශනී වික්‍රමසිංහ
14 සුජානි මහේෂීකා
15 D.B හේරත්
16 අසංක නවරත්න
17 K.A පද්මසිරි

 ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ

01 එම්. ඒ. සමරවීර
02 රංජිත් ගුණසේකර
03 සී. එච්. එම්. නිහාල් කුමාර
04 හේරත් මුදියන්සේ
05 ඵලංගම්මන පංඤානන්ද හිමි
06 නිශාන්ත බණ්ඩාර
07 ගාමිණි දසනායක
08 ලලිත් සිසිර කුමාර
09 ක්‍රිංසි රේමන්
10 නාලක වසන්න පෙරේරා
11 රේනුණා දමයන්ති
12 කුමාරි දිසානායක
13 ප්‍රදීප් කුමාර
14 සංජීවනී කරුණාසේන
15 ප්‍රභාත් ජයකොඩි
16 නදීශාන් පතිරණ
17 දසනායක වීරකෝන්
18 උපාලි බණ්ඩාර

අනුරාධපුර දිස්ත්‍රික්කය








නාම යෝජනා ඉදිරිපත්ව ඇති අයුරු......තවත් විස්තර බලාපොරොත්තුවන්න........



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories