යහපාලනය වෙනුවෙන් දළදා මාළිඟාව ඉදිරිපිට විශේෂ ප්‍රතිඥාවක්

Tuesday, 14 July 2015 - 8:10

%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%85%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%92%E0%B6%9F%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A5%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව අභියසදී අද (14) ප්‍රතිඥාවක් දීමට නියමිතයි. රට සුරකිමින් යහපාලන ආරක්ෂා කරන බවටත්, ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොරව මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන බවටත් පක්ෂ නායකයින් මෙහිදී ප්‍රතිඥා දෙනු ඇති.

මෙම ප්‍රතිඥාව ලබාදීමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ යහපාලනය සදහා වූ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් ශ්‍රී දළදා මාළිගාවේ දී ආගමික වතාවත්වලට සහභාගි වනවා.  

අග්‍රාමාත්‍යවරයා ඇතුළු යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අද උදෑසන මල්වතු මහනාහිමියන් බැහැ දකින අතර පස්වරුවේ අස්ගිරි මහා විහාරයේදී අභිනව අස්ගිරි මහනාහිමියන් බැහැ දකිනවා.

එක්සත් ජාතික පෙරමුණේ මංගල රැළිය අද සන්ධ්‍යාවේ පැවැත්වෙන්නේ මහනුවර පොදු වෙළදපළ අසළ දීයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories