අධිකරණයට ඉදිරිපත් වූ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ වන මොරීන් රණතුංග රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියෝග කළා. ඔවුන් අද අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ කොලොන්නාව - මීතොටමුල්ල ප්‍රදේශයේ වගුරු බිමක් ගොඩ කිරීම සහ රුපියල් ලක්ෂ 640ක මුදලක් ඉල්ලා සිටිමින් දුරකතනයෙන් තර්ජනය කිරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුවයි.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ප්‍රධාන අමාත්‍යවරයා, ඔහුගේ බිරිඳ සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකුට මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පසුගිය 9 වන දා පෙනී සිටින ලෙස නියෝග කර තිබුණා. එහෙත් ඔවුන් එදින මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටියේ නැහැ. ඒ හේතුවෙන් අද දිනයේ පෙනී සිටින ලෙස අධිකරණය නොතීසි නිකුත් කර තිබූ අතර ඒ අනුවයි බස්නාහිර ප්‍රධාන අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ අධිකරණයට ඉදිරිපත් වුණේ.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම අද දිනය දක්වා කල්දමන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියද පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළා. ඒ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මැතිවරණ කොමසාරිස්වරයා වෙත සිදුකළ කරුණු ඉදිරිපත් කිරීමක් සැලකිල්ලට ගනිමින්.
අද දිනයේ නඩුව කැදවූ අවස්ථාවේදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශ අධිකරණයට දැනුම් දුන්නේ තනතුර උපයෝගී කර ගනිමින් බස්නාහිර මහ ඇමතිවරයා දූෂණයක් සිදු කර ඇති බවයි. එම නිසා අල්ලස් කොමිසමට මේ පිළිබඳ විමර්ශණ සිදු කිරීම සඳහා යොමු කරන බව එම කොට්ඨාශය කියා සිටියා. මේ අනුව සැකකරුවන්ට මේ මස 20 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසයි මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියෝග කළේ. තුන්වන සහ හතරවන සැකකරුවන් අද දිනයේත් පෙනී නොසිටීම හේතුවෙන් ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කළ වරෙන්තුව යලි දීර්ඝ කළ මහෙස්ත්‍රාත්වරයා නඩුව ලබන ඔක්තොම්බර් මස 07 වැනිදා දක්වා කල් තැබුවා.
මේ අතර, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ද මේ වනවිට ගොනු කර තිබෙනවා.
Update : Tuesday, 14 July 2015 - 11:16
--------------------------------------------------
ඉඩමක් නිසා මහඇමති ප්‍රසන්නයි ඔහුගේ බිරිඳයි උසාවියට
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ වන මොරීන් රණතුංග මේ වන විට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා. ඒ, ඉඩමක් මුල්කරගෙන සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට සිදුකළ පැමිණිල්ලකට අනුවයි. කොලොන්නාව - මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් මුල්කරගෙන සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍යවරයා, ඔහුගේ බිරිඳ සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකුට මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පසුගිය 9 වන දා පෙනී සිටින ලෙස නියෝග කර තිබුණා. එහෙත් ඔවුන් එදින මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටියේ නැහැ. ඒ හේතුවෙනුයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ.

Follow US
Most Viewed Stories