ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ආබෲගේ පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට අවසර

Tuesday, 14 July 2015 - 16:41

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94++%E0%B6%86%E0%B6%B6%E0%B7%B2%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු සරත් ආබෲ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණ  අද (14) අවසර ලබා දුන්නා. නිවසේ මෙහෙකාරියට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම සහ ඊට අදාළව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුව මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ  වන බවට පවසමිනුයි විනිසුරුවරයා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණේ. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මගින් මෙම සිද්ධියට අදාළව තම සේවා දායකයාට මේ වන විට ඇප නියම කර ඇති බවයි. එබැවින් තවදුරටත් මෙම පෙත්සම පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බව ඔවුන් අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, විනිසුරු සරත් ආබෲගේ පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට අවසර ලබා දුන්නා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories