අපේ සැලසුම ඔබේ අනාගතය තහවුරු කිරීමටයි - අගමැති

Wednesday, 15 July 2015 - 7:57

%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%94%E0%B6%B6%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
ජනවාරි 8 වැනිදා විප්ලවය යළි තහවුරු කිරීම සඳහා යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ බිහිවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. රට තුළ යහපාලනය ක්‍රියාත්මක කිරිම සඳහා එම පෙරමුණ එක්ව කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ මංගල ප්‍රචාරක රැළිය මහනුවර පොදු වෙළඳපල ඉදිරිපිට ඊයේ (14) පැවැත්වුණා. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එම පෙරමුණේ නායකයන්ගේ සහභාගීත්වයෙන්. ඊට එක්වෙමින් තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ අපේ සැලසුම රටේ ජනතාවගේ අනාගතය තහවුරු කිරීම බවයි. එහෙත් රාජපක්ෂ රෙජිමයේ අපේක්ෂාව පවුල ආරක්ෂා කිරීම බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී තවදුරටත් සදහන් කළා. එමෙන්ම කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයේ වැඩකටයුතු අගෝස්තු මස 17 වන දාට පෙර ආරම්භ කරන බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.

මෙම රැළියට එක්වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ රජයේ සේවකයන්ගේ පඩි රුපියල් දස දහසකින් වැඩි කළේ වත්මන් ආණ්ඩුව බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories