Update: නිදහස් පක්ෂයේ රැස්වීම ජනපති අවලංගු කරයි - සුසිල්, මහින්ද රැස්වෙයි

Wednesday, 15 July 2015 - 9:53

Update%3A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අද (15) රාත්‍රියේ පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතව තිබූ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීම අවලංගු කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය සඳහන් කළා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජනාධිපතිවරයා කරන ලද දැනුම්දීමකට අනුව මෙලෙස පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම අවලංගු කළ බවයි.

කෙසේ වෙතත්, අද රාත්‍රියේදී නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවා ඇති බව පක්ෂයේ උපසභාපතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඞී.ජේ.සෙනෙවිරත්න ප්‍රකාශ කළා. එහෙත් ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව මෙම රැස්වීම අවලංගු කර ඇති බව තමන් නොදන්නා බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත අද දහවල් පක්ෂ මූලස්ථානයට පැමිණියා. එහිදී ඔහු සඳහන් කළේ අද රාත්‍රී 8 ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වන බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ පස්වරුවේ සිදුකළ විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවන ලෙස අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් ඉල්ලීමක් කළා. ඒ ඊයේ රාත්‍රියේ ඔහුගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදීයි.

මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත විසින් සන්ධානයේ පක්ෂ නායකයන්ගේ හදිසි රැස්වීමක් කැඳවා තිබෙනවා. එය අද දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

මීට ටික වේලාවකට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණියා. එහිදී ජනාධිපතිවරයා ඊයේ සිදුකළ ප්‍ර කාශය පිළිබඳව අදහස කුමක්දැයි එම අවස්ථාවට එක්ව සිටි මාධ්‍යවේදීන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් විමසා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ ලබන 17 වනදා අනුරාධපුර පැවැත්වෙන රැළියේදී තමන් ඊට පිළිතුරු ලබාදෙන බවයි.








Update:
-----------------------------------------------------------------------------------

ජනපතිගේ කතාවෙන් නිදහස් පක්ෂය දෙදරයි - විශේෂ රැස්වීම අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යමකාරක සභා රැස්වීමක් අද (15) රාත්‍රී 8 ට පැවැත්වීමට නියමිතයි. ජනාධිපතිවරයා ඊයේ සිදුකළ විශේෂ ප්‍රකාශයත් සමඟ නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් කරන ලෙසට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඉල්ලීම් කර තිබුණා. ඒ අනුව, අද රාත්‍රී 8 ට පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ඇති බවයි නිදහස් පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories