Update: හොරණ සහකාර ප්‍රාදේශීය ලේකම්ට ඇප

Wednesday, 15 July 2015 - 13:30

Update%3A+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B7%84%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7++%E0%B6%87%E0%B6%B4
හොරණ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි සහකාර ලේකම් ප්‍රියන්ත හපුආරච්චි ඇප මත මුදා හැර තිබෙනවා. හොරණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද (15) දහවල් සැකකාර සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙසයි වැඩබලන මහේස්ත්‍රාත් මානෙල් ගුණතිලක නියෝග කර ඇත්තේ.

හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අත්පත් කර ගැනීමේ අංශයේ නිලධාරිනියකට පහරදීමේ චෝදනාව මත මෙම සහකාර ලේකම්වරයා පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවේ අද පෙරවරුවේයි.

Update: Wednesday, 15 July 2015 - 15:28
-----------------------------------------------

හොරණ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා අත්අඩංගුවට

හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අත්පත් කර ගැනීමේ අංශයේ නිලධාරිනියකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ලේකම් ප්‍රියන්ත හපුආරච්චි අත්අඩංගුවට ගෙන තිබෙනවා. පහරකෑමට ලක් වූ කාන්තාව පසුගිය 9 වනදා කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories