හිටපු ඇමති ඩලස් - ජනපතිගේ ප්‍රකාශයට වෙනස්වෙලා

Wednesday, 15 July 2015 - 21:26

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A9%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (14) සිදුකළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් අද  නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදි අදහස් පළ වුණා. පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ ජනාධිපතිවරයා විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉදිරියේදී පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡාවට ලක් කරන බවයි.

මෙම මාධ්‍ය හමුවට එක්වූ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තම නොසතුට පළ කළා.

 කෙසේ වෙතත් නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා එම මාධ්‍ය හමුවේදී කියා සිටියේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් මධ්‍යම කාරක සභාවේදී හැරෙන්නට ඉන් පිටතදී කිසිවක් ප්‍රකාශ නොකරන බවයි.

කෙසේ වෙතත් පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අනුමැතියකින් තොරව  නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවීම වළක්වාලමින් කොළඹ දිසාඅධිකරණය අද (15) වාරණ නියෝගයක් නිකුත් කළා. දිසා විනිසුරු හර්ෂ සේතුංග මෙම නියෝගය නිකුත් කළේ නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු ගොනුකළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories