Update : බලහත්කාරයෙන් මුදල් ලබාගැනීමට ගිය අයියා - මලෝ දෙදෙනෙකු වැලිමඩදී පහරකෑමෙන් මරුට

Wednesday, 15 July 2015 - 21:40

Update+%3A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+-+%E0%B6%B8%E0%B6%BD%E0%B7%9D+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B6%A9%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B7%91%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
වැලිමඩ නගරයේ හෝටලයක් තුළට බලහත්කාරයෙන් ඇතුලූවී මුදල් ලබාගැනීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකුට එහි සේවකයන් සිදුකළ  පහරදීමකින් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මියගිය පුද්ගලයන් දෙදෙනා එකම පවුලේ සහෝදරයන් වන බවයි. ඊයේ රාත්‍රියේ මොවුන් නගරයේ පිහිටි එම හෝටලයට බලහත්කාරයෙන් ඇතුලූවී හිමිකරුගෙන් මුදල් ඉල්ලා තිබෙනවා. එම අවස්ථාවේදී සේවකයන් සහ එහි සිටි පිරිස් සිදුකළ පහරදීමකිනුයි මෙම සැකකරුවන් දෙදෙනා මියගොස් ඇත්තේ. පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

Update : Thursday, 16 July 2015 - 8:45
-----------------------------------------------------
බලහත්කාරයෙන් මුදල් ඉල්ලා මැරුම්කයි

වැලිමඩ ප්‍රදේශයේ හෝටලයක් තුළට බලහත්කාරයෙන් ඇතුලූවී මුදල් ලබාගැනීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකුට සිදුකළ  පහරදීමකින් ඉන් එක් අයෙකු මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අද (15) රාත්‍රී  7 ට පමණ අදාළ පුද්ගලයින් දෙදෙනා හෝටලය තුළට ඇතුලූවී ඇති බවයි. පසුව ඔවුන් දෙදෙනා එහි හිමිකරුට තර්ජනය කර බලහත්කාරයෙන් මුදල් ඉල්ලා සිටි අවස්ථාවේදී සේවකයන් සහ එහි සිටි පිරිස එක්ව ඔවුන්ට පහරදී තිබෙනවා. පහරදීමෙන් එක් අයෙකු මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තාවන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories