නිවසක පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

Thursday, 16 July 2015 - 10:25

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
පුත්තලම - මාරවිල - වීරහේන ප්‍රදේශයේ සුවිසල් නිවසක පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ වටලා තිබෙනවා. එම අවස්ථාවේදී එහි තිබී මත්පැන් නිෂ්පාදනය සඳහා යොදාගන්නා ගෝඩා ලීටර් 12 800 ක් අඩංගු බැරල් 8 ක් සොයාගත් බවයි වැටලීමට එක්වූ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. ගෑස් උපයෝගී කරගනිමින් ඉතා සූක්ෂම ලෙස ගෙවත්තෙහි මෙය කාලයක් පුරා පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තාවන්නේ. නිවෙස් හිමියා දිනපතා ගෑස් මිලදී ගැනීම නිසා ඒ පිළිබඳව සැක පහළවීමත් සමඟයි අදාළ නිවස නාත්තන්ඩිය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් වටලා ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories