බැඳුම්කර සිද්ධිය ගැන කෝප් අනු කමිටු වාර්තාව ප්‍රසිද්ධ කිරීම තහනම්

Thursday, 16 July 2015 - 11:05

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත්කළ කෝප් අනුකමිටුවේ වාර්තාව ප්‍රසිද්ධ කිරීම හෝ ප්‍රකාශයට පත් කිරීම වලක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ කෝප් කමිටුවේ සාමාජිකයෙකු වන එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රීවරයෙකු ගොනුකළ පැමිණිල්ලක් අද සළකා බලමින්. මෙම පැමිණිල්ල කොළඹ දිසා විනිසුරු සුමිත් පෙරේරා හමුවේ සළකා බැලූ අවස්ථාවේදී බැඳුම්කර සිද්ධිය පිළිබඳ කෝප් අනු කමිටු වාර්තාව ප්‍රසිද්ධ කිරීම හෝ ප්‍රකාශයට පත් කිරීම මේ මස 23 වැනිදා දක්වා වළක්වාලමින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළා.

බැඳුම්කර සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ කෝප් අනු කමිටුවේ වාර්තාවේ අඩංගු කරුණු සම්බන්ධයෙන් මේ දිනවල හෙළිවෙමින් පවතින බවත් එය මැතිවරණය ඉලක්ක කරගනිමින් සිදුකරන බවත් අදාළ පැමිණිල්ලේ දැක්වෙනවා. මෙමඟින් එළඹෙන මැතිවරණයට බලපෑමක් සිදුවිය හැකි බවයි  කෝප් කමිටු සාමාජිකයා සිය පැමිණිල්ලෙන් තවදුරටත් පෙන්වා දී ඇත්තේ. පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති මොහොතක මෙවැනි කටයුතු සිදුකිරීම නීතිවිරෝධී බැවින් බැඳුම්කර සිද්ධිය පිළිබඳව කෝප් අනුකමිටු වාර්තාව ප්‍රසිද්ධ කිරීම හෝ ප්‍රකාශයට පත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් සහ අතුරු තහනම් නියෝගයක් ලබාදෙන ලෙසයි මෙම පැමිණිල්ල මගින් ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබුණේ. කෝප් කමිටුවේ සභාපති ඩිව් ගුණසේකර ඇතුලූ 12 දෙනෙකු අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories