සන්ධානයේ පක්ෂ නායකයන් අදත් රැස්වේ

Thursday, 16 July 2015 - 14:07

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් විපක්ෂ නායක කාර්යාලයේදී මේ වනවිට පැවැත්වෙනවා. රටේ වත්මන් දේශපාලන තත්ත්වය සහ සන්ධානයේ ඉදිරි මැතිවරණ කටයුතු පිළිබඳව මෙම පක්ෂ නායක හමුවේදී සාකච්ඡාවට ලක් කෙරෙන බවයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ. මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තේමාව පිළිබඳවද අද පැවැත්වෙන සන්ධාන පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇති බවයි.

 මේ අතර, ඊයේ (15) දිනයේද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන්ගේ හමුවක් පැවැත්වුණා. ඒ, කොළඹ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයේදියි. එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද එක්ව සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories