ඡන්ද කොමසාරිස් වෙනස් වෙයි

Thursday, 16 July 2015 - 19:11

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මෙවර මහමැතිවරණයේදී මැතිවරණ නීති කඩ කිරීම වැළැක්වීමට තුවක්කුව වෙනුවට කැමරාව භාවිතා කිරීමට පොලිසියට උපදෙස් ලබාදී ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. මැතිවරණ මහලේකම් කාර්යාලයේ අද (16) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේ මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරන්නන් ඡායාරූප ගත කර නඩු පවරන ලෙස තමන් උපදෙස් නිකුත් කර ඇති බවයි.

යම් මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් හේතුවෙන් පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කටයුතුවලට බාධාවක් සිදුවුවහොත් අදාළ ප්‍රචාරණ කටයුත්තට සම්බන්ධ පාර්ශව ඊට වගකිව යුතු බව මැතිවරණ කොමසාරිස්වරයා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories