පක්ෂ කැඩූ මහින්ද දැන් නිදහස් පක්ෂයත් කඩන බව රවී කියයි

Thursday, 16 July 2015 - 19:33

%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%96+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%BB%E0%B7%80%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සිය පාලන සමයේදී සිදුකළ පක්ෂ කඩා වෙන් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඞීමට උත්සාහ කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා. මුදල් අමාත්‍යාංශයේ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ සඳහන් කළා.

එමෙන්ම, එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවැත් වූ මාධ්‍ය හමුවට එක්වු ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැලීවලට කැඞී ගොස් ඇති බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයන්ට එල්ල වී තිබූ මූල්‍ය ගණුදෙනු චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර අධිකරණය මගින් දඬුවම් ලබාදිය යුතුව තිබූ බවයි ජනතා විමුක්ති පෙරමුණ අද ප්‍රකාශ කළේ. එහි නායක අනුර කුමාර දිසානායක එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories