'විපක්ෂයේ එකම අරමුණ එ.ජා.ප.ය පරදා සන්ධාන ආණ්ඩුවක් බිහිකර ගැනීමයි'

Friday, 17 July 2015 - 8:17

%27%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4.%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%27
දේශපාලන පක්ෂවල පවතින ප්‍රශ්න සහ අර්බුද කරතියාගෙන නොයායුතු බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. බදුල්ල ප්‍රදේශයේ දී ඊයේ (16) මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ විපක්ෂයේ එකම අරමුණ එක්සත් ජාතික පක්ෂ රජය පරාජයට පත්කර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහිකර ගැනීම බවයි.

මේ අතර, තමන්ට එක්සත් ජාතික පක්ෂය සමග පවතින සබඳතාවය පිළිබඳ  මුස්ලිම් කොංග්‍රසයේ නායක, අමාත්‍ය රාවුෆ් හකීම් ඊයේ (16) හෙළිදරව්වක් කළා. මහනුවර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පාවාදී තමන් කිසිදිනෙක පක්ෂය මාරු කර නොමැති බවයි. එක්සත් ජාතික පක්ෂය සමග තමන් සෑම මොහොතකම සිටි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories