හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදී ඇති විශේෂ වරප්‍රසාද හේතුවෙන් මහමැතිවරණයට ඉදිරිපත් වන අනෙකුත් අපේක්ෂකයින්ගේ මානව හිමිකම් උල්ලංඝනය වන බව පවසමින් මානව හිමිකම් කොමිසම වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් වුණා. ජනතා විමුක්ති පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික්ක අපේක්ෂකයෙකු වන නාමල් කරුණාරත්න විසින් ගොනුකළ එම පෙත්සම නීතීඥ සුනිල් වටගල විසින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත අද ඉදිරිපත් කළා.
මේ අතර, වාහන, ආරක්ෂාව ඇතුළු වරප්‍රසාද යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිවරණයට තරඟ කිරීමෙන් අනෙක් අපේක්ෂකයින්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද පෙත්සමක් ගොනු කෙරුණා. නව සමසමාජ පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක සේනක පෙරේරා විසින් මෙම පෙත්සම ගොනුකළ අතර එමගින් මැතිවරණ කොමසාරිස්වරයා, පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන් 7 දෙනෙකු නම් කර තිබෙනවා.

Follow US
Most Viewed Stories