මාස දෙකක දැරියක් පෝලියෝ එන්නත ලබාදීමෙන් පසු මිය යයි

Saturday, 18 July 2015 - 8:02

%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9D%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මාස දෙක හමාරක් පමණ වයසැති තම දරුවාට පෝලියෝ එන්නත ලබාදීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ බව දෙමව්පියන් චෝදනා කරනවා. පිළියන්දල, මාකන්දන, වැලිතොටුව වත්ත ප්‍රදේශයේ පදිංචි දිමානි වංශජා නමැති මෙම බිළිඳියට පසුගිය 16 වන දා පෝලියෝ එන්නත ලබාදුන් බවයි දරුවාගේ මව හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ. එදින රාත්‍රියේම දරුවා මිය ගොස් ඇති අතර, අදාළ එන්නත විෂවීම ඊට හේතුව බවයි ඇය කියා සිටියේ.

පිළියන්දල - බෝකුන්දර සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයෙන් මෙම එන්නත ලබාදී තිබෙනවා. මේ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය අදාළ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයෙන් විමසීමක් කළ අතර, එහි වෛද්‍ය නිලධාරිනියක් සදහන් කළේ අදාළ සායනයේදී පෝලියෝ එන්නත ලබාදුන් සෙසු දරුවන්ට කිසිදු ගැටළුවක් මේ දක්වා මතු වී නොමැති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories