රට පුරා ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් සමරයි

Saturday, 18 July 2015 - 8:15

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
නව සඳ ඊයේ නිරීක්ෂණය කිරීමත් සමඟ රට පුරා ඉස්ලාම් බැතිමතුන් අද (18) රාමසාන් උත්සවය සමරනවා. ඒ, පුරා මාසයක් උපවාසයේ යෙදීමෙන් පසුවයි. එම උපවාසය අවසන් කර කෙරෙන්නා වූ සැමරුම රාමසාන් උත්සවය ලෙස සැලකෙනවා. සාමූහිකත්වයට මුල් තැන දෙමින්, වැඩිහිටියන්, ඥාතීන් සමඟ සතුට බෙදා ගනිමින් ලෝකවාසී මුස්ලිම්වරුන් මෙය සැමරීම ද විශේෂත්වයක්.

රාමසාන් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ප්‍රකාශ කළේ රාමසාන් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් එක් කරන්නේ මහත් අඩම්බරයෙන් යුක්තව බවයි. මානුෂීය ගතිගුණ වැඩි දියුණු කර ගන්නා අතර, රට එකමුතු කිරීම සඳහා සියලූ දෙනා එක්ව කටයුතු කිරීම ද මෙමගින් ආදර්ශයට ගත යුතු බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.

තම සහෝදර ජනතාවගේ දුක් වේදනා සහ අවශ්‍යතාවන්ට සංවේදී වෙමින් සහජීවන ගොඩ නැංවීමට රාමසාන් කාලය උපකාරී වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය සුබ පැතුම් පණිවුඩයෙන් සදහන් කළා. රාමසාන් උපවාසය යනු කුසගින්නේ සිටීම පමණක් නොවේ. එහිදී වර්ධනය කර ගන්නා කායික සහ මානසික සන්සුන් බව යහපත් සමාජයක් බිහි කර ගැනීමට මහඟු දායකත්වයක් සපයනවා. මෙවර රාමසාන් උත්සවය බියෙන් තොරව නිදහසේ ජීවත් විය හැකි වටපිටාවක් තුළ සැමරෙන බව ද අග්‍රාමාත්‍යවරයා සදහන් කරනවා.

විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ද රාමසාන් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. එහි සදහන් වන්නේ ජන කොටස් අතර සුහදත්වය, සහජීවනය සහ සංහිදියාව වර්ධනය කිරීමට රාමසාන් චාරිත්‍ර උපකාරී වන බවයි.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ ද රාමසාන් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. සියලූම සම්පත් සහෝදරත්වයේ පදනම මත සියලූ දෙනා අතර සමානව බෙදී යා යුතුය යන අදහස මුල් කර ගනිමින් සමරනු ලබන මෙම රාමසාන් උත්සවය සියලූ දෙනාටම සුවිශේෂී වැදගත්කමක් වනු ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories