දිස්ත්‍රික්ක 10ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසාන අදියරේ - දිගම ඡන්ද පත්‍රිකා මඩකලපුවට සහ කොළඹට

Saturday, 18 July 2015 - 13:30

%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+10%E0%B6%9A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%9A+-+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B6%B8+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B8%E0%B6%A9%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7
2015 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක 10ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම මේ වන විට අවසන් අදියරයේ පවතිනවා. රජයේ මුද්‍රණාලයාධිපති ගාමිණී ෆොන්සේකා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පසුගිය 15 වැනිදා සිට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ආරම්භ කළ බවයි. මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් දිස්ත්‍රික්ක 18ක ඡන්ද පත්‍රිකාවල අඩංගු කරුණු ලබාදී තිබෙනවා.

මේ අතර, මෙවර වැඩිම දිගින් යුත් ඡන්ද පත්‍රිකාව මඩකලපුව දිස්ත්‍රික්කය වෙනුවෙන් මුද්‍රණය කරන බවයි රජයේ මුද්‍රණාලයාධිපතිවරයා සදහන් කළේ. එය දිගින් අඟල් 29ත්, 30ත් අතර ප්‍රමාණයකින් යුක්ත බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. එමෙන්ම දිගින් වැඩිම ඡන්ද පත්‍රිකා අතර දෙවන ස්ථානය හිමි වන්නේ කොළඹ දිස්ත්‍රික්කයටයි. එම ඡන්ද පත්‍රිකාව ද දිගින් අඟල් 24ත්, 25ත් අතර ප්‍රමාණයක විය හැකි බවයි රජයේ මුද්‍රණාලයාධිපති ගාමිණී ෆොන්සේකා අවධාරණය කළේ. කෙසේ වෙතත්, මෙම ඡන්ද පත්‍රිකා සඳහා තවමත් මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතිය හිමි වී නැහැ.

ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සඳහා රජයේ මුද්‍රණාලයේ රහස්‍ය අංශය වෙත අතිරේක නිලධාරින්ද යොදවා ඇති බවයි රජයේ මුද්‍රණාලාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories