සබරගමු මහ ඇමතිගේ ආරක්‍ෂක පොලිස් රථයෙන් ගංජා ඇදලා මාට්ටු

Saturday, 18 July 2015 - 16:36

%E0%B7%83%E0%B6%B6%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B7%94+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B6%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A++%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%87%E0%B6%AF%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94
සබරගමුව පළාත් සභා ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්ගේ ආරක්ෂක නිල රථයේ තිබී ඊයේ (18)  අලූයම ගංජා තොගයක් හමුවී තිබෙනවා. ඒ, කොළඹ විශේෂ සුරාබදු ඒකකයේ නිලධාරින් විසින් කෑගල්ල -මොලගොඩ - අත්තනගොඩ ප්‍රදේශයේදී ඊයේ සිදුකළ වැටලීමකදියි.

සිද්ධිය සම්බන්ධයෙන් සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ රියදුරෙකු වන චමින්ද රසික අතුකෝරල නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු කෑගල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් වීමෙන් පසු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරුණා. 





සබරගමු මහ ඇමතිගේ ආරක්ෂක නිල රථයේ ගංජා 

සබරගමු මහ ඇමති මහීපාල හේරත්ට ආරක්ෂාව සපයන නිළ රථයේ තිබි ගංජා කිලෝ 2ක් පමණ  අද (18) පෙරවරුවේ සොයාගත් බව අප වාර්තාකරු කියයි. කොළඹ සුරාබදු දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශයේ නිළධාරීන් පිරිසක් විසින් නිළ රථය  මොළගොඩ අත්තනගොඩ මාර්ගයේ දී වටළා ඇත.

මෙම සිද්ධිය  වූ වහා ප්‍රධාන ඇමති මහීපාල හේරත් විසින් සිය නිළ වාහනයක් හා එහි රියදුරු අතුරුදන් වී ඇති බවට කෑගල්ල පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවද පැවසේ.
 
කෑගල්ල පොලිසියට අයත් බව පැවසෙන මෙම වාහනය මෑතකදී සබරගමු පළාත් සභාවේ පරිහරණය සදහා පවරාගෙන තිබු බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් රියැදුරු අධිකරණයට ඉදිරිපත් කළ අතර කෑගල්ල වැඩබලන මහේස්ත්‍රාත්  නියෝග කර ඇත්තේ  සැකකරු ලබන  22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. 







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories