මහඡන්දෙට පොලිසියට විතරක් කෝටි 40යි

Saturday, 18 July 2015 - 19:01

%E0%B6%B8%E0%B7%84%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+40%E0%B6%BA%E0%B7%92
මෙවර මහ මැතිවරණයේදී නාමයෝජනා භාර ගැනීම ආරම්භ කළ දිනයේ සිට මැතිවරණය පැවැත්වෙන දිනයට පසුදා දක්වා පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරි වෙනුවෙන් වැය වන මුදල රුපියල් කෝටි 40 ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. මෙම මුදල් ඇස්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුව විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමුකර ඇති බව සඳහන්.

මෙම ඇස්තමේන්තුවට අනුව මෙවර මැතිවරණයේදී සංයුක්ත දීමනා සඳහා කෝටි 12ක මුදලක් වැය වෙතැයි අපේක්ෂා කෙරෙනවා.

නීතිවිරෝධී පත්‍රිකා ඉවත් කිරීම සඳහා කෝටි 5 ක මුදලක් වැය වෙතැයි අපේක්ෂා කෙරෙන අතර ඉන්ධන සඳහා අපේක්ෂිත ඇස්තමේන්තු මුදල රුපියල් අටකෝටි අසූ ලක්ෂයක්.

කුලී පදනම මත වාහන ලබා ගැනීම සඳහා රුපියල් නමකෝටි පනස්ලක්ෂයක් ඇස්තමේන්තු කර තිබෙනවා.  

 සන්නිවේදන වියදම් සඳහා ලක්ෂ 50 ක මුදලක් ඇස්තමේන්තු කර තිබෙනවා.

සුබසාධක කටයුතු සඳහා තවත් එක්කෝටි අසූ ලක්ෂයක මුදලක් පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය වනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

ලිපි ද්‍රව්‍ය සඳහා වියදම් වනු ඇති බවට අපේක්ෂා කරන මුදල රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක්. එමෙන්ම, වෙනත් වියදම් සඳහා රුපියල් දස ලක්ෂයක් ඇස්තමේන්තු කර තිබෙනවා.

ඊට අමතරව, ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සුබසාධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 70 ක මුදලක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඇස්තමේන්තු කර ඇති බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories