මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලන්න ඞී-ටීම්

Sunday, 19 July 2015 - 8:02

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AC%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9E%E0%B7%93-%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%8A
ඉන්දියාව සහ ශ්‍රී  ලංකාව අතර මුහුදු මාර්ගයෙන් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීම සඳහා තමිල්නාඩුවේ - රාමනාදපුරම් හි විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් වැළැක්වීම ඔවුන්ට පැවරී ඇති කාර්යභාරයයි.

 පොලිස් අධිකාරීවරයෙකු යටතේ ස්ථාපනය කෙරුණු මෙම නව ඒකකය හඳුන්වා ඇත්තේ ඞී-ටීම් යනුවෙන්. පසුගිය වසර 03 තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පුද්ගලයන් පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම සහ ඔවුන් පිළිබඳ අවධානයෙන් පසුවීමද මෙම පොලිස් ඛණ්ඩයට පැවරෙනවා.

තමිල්නාඩු පොලිසියේ විශේෂ මෙහෙයුම් සිදුකරන සී ඒකකයට සමගාමීවයි මෙම ඞී-ටීම් ඛණ්ඩය පිහිටුවා ඇත්තේ.

මන්නාරම් බොක්ක හරහා ශ්‍රී  ලංකාව වෙත මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස රාමනාදපුරම් හඳුනාගෙන තිබෙනවා. මේ නිසා එහි සිට ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීමේ නව ඒකකය තමිල්නාඩුවේ අඩවි වන දෙපාර්තමේන්තුව, වෙරළාරක්ෂක ඒකකය, කිව් ශාඛාව සහ එහි ධීවර දෙපාර්තමේන්තුව සමඟ එක්ව කටයුතු කරනු ඇති.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීම සඳහා වන මෙම නව ඒකකය පසුගිය සිකුරාදා ප්‍රකාශයට පත් කෙරුණු අතර, එය වෙත මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු ලබාදීමේ විශේෂ අංකයක්ද හඳුන්වා දෙනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories